Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

උඩරට දුම්රිය සේවකයින් හදිසි වර්ජනයක

|Fri,11 May 2018 08.13|Special| Page Views :

බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රිය සහ කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රිය නාවලපිටිය දුම්රිය ස්ථානයට ආසන්නයේ දෙපස සංඥා කුළුණු අසල නවතා දමා තිබෙනවා.

ඒ දුම්රිය ස්තානයට් ඇතුළුවීමට සංඥා නොලැබීම හේතුවෙන්. මරදාන පාලක මැදිරිය පවසන්නේ නාවලපිටිය දුම්රිය ස්ථානයේ සේවක ගැටළුවක් මත වර්ජනයක් ආරම්භ කර ඇති බවයි.

සංඥා කුළුණු අසල දුම්රියන් නතර කර තැබීමෙන් කෝපයට පත් මගීන් දුම්රිය ස්ථානය පැමිණ නොසන්සුන් ලෙස හැසිරෙමින් සිටි බව සඳහන්.

නාවලපිටිය දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කාර්යය මණ්ඩලය හදිසියේ වැඩ වර්ජන කිරිම හේතුවෙන් මෙම දුම්රිය ධාවනය ඇණ හිට ඇති බවයි දුම්රිය මගින් පවසන්නේ.

බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රිය අද (11) අලුයම 1.00 ට හා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රිය අලුයම 1.30ටත් නාවලපිටියට ලඟා වී තිබෙනවා.

දුම්රිය මගීන් චෝදනා කරන්නේ නොදන්වා වැඩ වර්ජනය කිරිස අසාධාරණ බවයි.

නාවලපිටියේ දුම්රිය ස්ථානාධිපති නිල කාමරයක් සීල් තබා වසා දමා ඇති අතර උඩරට මාර්ගයේ රඹුක්කන සිට බදුල්ල දක්වා ස්ථානාධිපතිවරු නාවලපිටියට සහය පළ කරමින් සේවයෙන් ඉවත්ව ඇති බවද පැවසෙනවා.

නොසන්සුන් තත්වය හමුවේ නාවලපිටිය දුම්රිය ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න