Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නියඟයෙන් පීඩාවිඳින වනසතුන්ට යුද්ධ හමුදාවෙන් පානීය ජලය

|Fri,11 May 2018 09:40|Miscellaneous| Page Views : 54

අලුත් පුවත්
දුම්රිය ස්ථානාධිපතිවරුවන් ක්‍රියාත්මක කළ වර්ජනය අවසන්
ත්‍රීරෝද රථ ගාස්තු මිල ඉහලට බස් රථ ගාස්තුව ගැන තීරණය අද
උඩරට දුම්රිය සේවකයින් හදිසි වර්ජනයක
ජාතික ඩෙංගු මර්ධන වැඩසටහනක් ඇරඹෙයි
සමෘද්ධි ලාභීන්ට හා ධීවරයින්ට භූමිතෙල් පරණ මිලටම
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට
මීතොටමුල්ලෙන් කෝටියක කුඩු අල්ලයි ..
කොලොන්නාවට අද පස්වරුවේ ජල කප්පාදුවක් ...
 
මූලතිව් දිස්ත්‍රික්කයේ ඕඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ මුත්තියන්කට්ටුකුලම් රක්‍ෂිතය හරහා දිවෙන මුත්තියන්කට්ටුකුලම් සිට උදයාර්කට්ටුකුලම් දක්වා මාර්ගයේ විශේෂිත ස්ථානයන්හි ජල රැඳවුම් ස්ථාන සකස්කර සතුන්ට සහ කුරුල්ලන්ට පානය සඳහා ජලය සැපයීමට පියවර ගෙන ඇත.

මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් එම ප්‍රදේශයේ පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් ස්වභාවික වාසස්ථාන හා ජිවීන්ගේ පැවැත්ම කෙරෙහි අවධානය යොමු කරමින් ජලය සැපයීමට පියවර ගෙන තිබේ.

රක්‍ෂිතයන්හි ජිවත්වන ජිවීන් පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරමින් මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු මහතාගේ යෝජනාවකට අනුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ 64 වන සේනාංකයේ භට පිරිස් විසින් රක්ෂිතය තුළ ජල රැඳවුම් ස්ථාන හඳුනාගෙන යුද්ධ හමුදා බවුසර් යොදාගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව, යුද්ධ හමුදා බවුසර් යොදාගනිමින් පීඩාවට පත් ප්‍රදේශවලට වැසිසමය ආරම්භවන තෙක්ම ජලය සැපයීමට පියවර ගෙන ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න