Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කතා දෙකක් නෑ! මහේල තමයි හොඳම පුහුණුකරු

|Fri,11 May 2018 10:29|Miscellaneous| Page Views : 18

අලුත් පුවත්
යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන 38 ක් වැස‍ෙයි
නියඟයෙන් පීඩාවිඳින වනසතුන්ට යුද්ධ හමුදාවෙන් පානීය ජලය
දුම්රිය ස්ථානාධිපතිවරුවන් ක්‍රියාත්මක කළ වර්ජනය අවසන්
ත්‍රීරෝද රථ ගාස්තු මිල ඉහලට බස් රථ ගාස්තුව ගැන තීරණය අද
උඩරට දුම්රිය සේවකයින් හදිසි වර්ජනයක
ජාතික ඩෙංගු මර්ධන වැඩසටහනක් ඇරඹෙයි
සමෘද්ධි ලාභීන්ට හා ධීවරයින්ට භූමිතෙල් පරණ මිලටම
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට
 
මෙවර අයි.පී.එල් තරගාවලියේ නොකඩවා තුන්වැනි ජයග්‍රහණයත් ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ 4 වැනි ස්ථානය දක්වා පැමිණ ඇති මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු මහේල ජයවර්ධන ලොව හොඳම පුහුණුකරුවා බව මුම්බායි කණ්ඩායමේ හිමිකාරිනිය මෙන්ම ලොව 18 වැනි ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ බිරිය වන නීටා අම්බානි ප්‍රකාශ කර ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.

අයි.පී.එල් තරගාවලියේ 41 වැනි තරගය ලෙස කල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමඟ කල්කටාහි ඊඩ්න්ගාඩ්න් ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ලකුණු 102ක දැවැන්ත ජයග්‍රහණයක් මුම්බායි කණ්ඩායම විසින් වාර්තා කිරීමෙන් අනතුරුව පිටිය තුළට පැමිණි නීටා අම්බානි රෝහිත් ෂර්මා ඇතුළු මුම්බායි ක්‍රීඩකයන්ට සුබ පතමින් සුහද පිළිසඳරක යෙදී ඇත. එහිදී මුම්බායි නායක රෝහිත් ෂර්මා ලොව හොඳම සහ නිරහංකාරම නායකයා බවත් එම කණ්ඩායමේ පුහුණුකරු මහේල ජයවර්ධන ලොව හොඳම පුහුණුකරුවා බවත් නීටා අම්බානි ප්‍රකාශ කර තිබේ.

මේ අතර මෙවර අයි.පී.එල්. තරගාවලිය සදහා ශ්‍රී ලංකාවෙන් සහභාගි වන එකම ක්‍රීඩකයා වන අකිල ධනංජය ද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන අතර ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ද මුම්බායි කණ්ඩායමේ පන්දුයැවීමේ පුහුණු උපදේශකයකු ලෙස කටයුතු කරයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න