Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පොහොර වැඩි මිලට දුන්නොත් බලපත්‍ර අහෝසියි

|Sat,12 May 2018 10.26|Security| Page Views : 22

අලුත් පුවත්
"යෝජිත විද්‍යුත් පෙරගෙවුම් කාඩ්පත කඩිනමින් දෙන්න"
ප්‍රදේශ රැසකට පස්වරුවේ තද වැසි
කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයට වයිෆයි පහසුකම්
රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති තනතුරට ශාන්ත බණ්ඩාර
කොරියානු විභාගය සමතුන් තවත් පරීක්ෂණයකට කැඳවේ
උඩරට දුම්රිය හදිසි වර්ජනය අවසන්
පකිස්ථානු ජාතිකයෙකුට ශ්‍රී ලංකාවේ දී මරණ දඩුවම
විනිසුරුවරුන් 13ක් දිවුරුම් දෙයි
 
පොහොර මිටියක් රුපියල් 1,500කට වඩා වැඩි මිලකට අළෙවි කරන වෙළඳුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ලබා දෙන පොහොර මිටියක් රුපියල් 500ක මිලකට ද, පොහොර අලෙවිසැල්වල පොහොර මිටියක උපරිම මිල රුපියල් 1,500ක් විය යුතු බවට රජය නිර්දේශ කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ.

ඒ අනුව, වැඩි මිලට පොහොර අළෙවි කරන වෙළඳුන් පිළිබඳ තොරතුරු අමාත්‍යාංශයට දැනුම්දෙන ලෙසත්, එවැනි වෙළඳුන්ගේ පොහොර අළෙවි කිරීමේ බලපත්‍රය අහෝසි කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

2018 යළ කන්නයේදී පොහොර සහනාධාර වැඩපිළිවෙල යටතේ ගොවීන් 7,05,370 දෙනෙකුට සහනාධාරය හිමි වන අතර, ඒ සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 32500ක්.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න