Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රාජ්‍ය සංචාරයකට ජනපති ඉරානයට

|Sat,12 May 2018 13.10|Security| Page Views : 29

අලුත් පුවත්
දිස්ත්‍රික්ක 6කට නාය අවදානම්
පොලිස් නිලධාරීන් 22කට ස්ථාන මාරු !
රණවිරුවන්ගේ කරමතින් පක්ෂ දේශපාලනය කරන්න එපා
පියා සහ දියණිය අත්අඩංගුවට !
පොලොන්නරුවෙන් ලෝකඩ බුද්ධ ප්‍රථිමාවක්
වෙරළේ කඩා ඉවත් කරන වෙළඳසැලක ගින්නක්
පොහොර වැඩි මිලට දුන්නොත් බලපත්‍ර අහෝසියි
"යෝජිත විද්‍යුත් පෙරගෙවුම් කාඩ්පත කඩිනමින් දෙන්න"
 
ඉරානය සහ ශ‍්‍රී ලංකාව අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (12) දහවල් ඉරානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉරාන ජනාධිපති හසන් රූහානි මහතාගේ විශේෂ නිල ඇරයුම පරිදි ජනාධිපතිතුමා මෙම සංචාරයට එක්වන අතර ඉරාන - ශ‍්‍රී ලංකා ආර්ථික හා වෙළෙඳ සබදතා වැඩිදියුණු කර ගැනීම මෙන්ම ශ‍්‍රී ලංකාව තුළ ඉරාන ආයෝජන දිරිමත් කිරීම පිළිබඳව ද මෙම සංචාරයේ විශේෂ අවධානය යොමුවනු ඇති.

බටහිර ආසියානු රටක් වන ඉරානය පෙට්‍රොලියම් සහ ස්වභාවික වායු විශේෂ බලශක්ති ආරක්ෂණය ලෙස, ලෝක ආර්ථිකයේ විශේෂ ස්ථානයක් හිමිකරගෙන සිටීනවා.

ශ‍්‍රී ලංකාවේ බොහොමයක් සංවර්ධන කටයුතු සඳහා ඉරානය දායකත්වය සපයනවා. ශ‍්‍රී ලංකාවේ තෙල් පිරිපහදු අංශවල ඉරානය සිය ආයෝජන සිදු කරන අතර එමගින් ශ‍්‍රී ලංකාවේ පිරිපහදු තෙල් නිෂ්පාදනය දෙගුණ කිරීමට අපේක්ෂිතයි.

ග‍්‍රාමීය විදුලිබල අවශ්‍යතාව පිරවීමට ද සහය දක්වමින් ශ‍්‍රී ලංකාවට ආධාර කරන ප‍්‍රධාන රටවල් අතුරින් එකක් බවට ඉරානය පත්ව සිටිනවා.

මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ඉරානයේ සිදුකරන පළමු රාජ්‍ය සංචාරය මෙය වනවා.

ජනාධිපතිතුමා සහ ඉරාන ජනාධිපති හසන් රූහානි මහතා අතර නිල හමුව හෙට පැවැත්වෙන අතර, දෙරටේ ආර්ථික සහ වෙළඳ සබඳතා තර කෙරෙන නව අවබෝධතා ගිවිසුමකට ද එහිදී අත්සන් තැබෙනු ඇති.

එමෙන්ම එරට වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන විශේෂ ආයෝජන සහ ව්‍යාපාරික සමුළුවකට ද ජනාධිපතිතුමා එක්විමට නියමිතයි.

සිය සංචාරය අතරතුරදී ජනාධිපතිතුමා ඉරාන පාර්ලිමේන්තුවේ චාරිකාවක නිරතවන බව ද ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න