Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අඩුව පිරවීමට මා සූදානම්

|Mon,14 May 2018 11.35|Political| Page Views : 17

අලුත් පුවත්
පොහොට්ටුවයි එජාපයයි ගව ඝාතනය නවතන්න එකට එකතු වෙයි, වැල්ලවාය ප්‍රදේශීය සභාවෙන් අපූරූ පියවරක් .!
මුම්බායි සහ රාජස්ථාන් කණ්ඩායම්වල ප්‍රතිපලය චෙන්නායි පිළට වාසි වෙි
බ්‍රිතාන්‍ය රග්බි ක්‍රිඩකයෙක් හුස්ම ගැනීමේ අපහසුවක් නිසා ලංකාවේදී මරුට
රූපවාහිනියේ සභාපති හදිසියේ ඉල්ලා අස් වේ
සිත්තරා සිතුම් සුධාර බිරිය මරාදැමූ සැඟවුණ කතාව
මහේල උඩවත්ත ටෙස්ට් කණ්ඩායමට නම් කරයි
හුංගම අනතුරකින් අයෙකු මරුට
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී ප්‍රධාන අමාත්‍ය අපේක්‍ෂකයා ලෙස මා ඉදිරිපත් කලහොත්, ඒ සම්බන්ධයෙන් යහපත් තීරණයක් ගන්නෙමි. පසුගිය වතාවේ සිදුකල වරද මේ වතාවේදීත් සිදුනොකරන්නෙමු” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කර ඇත.

කොළඹ මාධ්‍යයකට අදහස් දැක්වූ අවස්ථාවේදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

“යුද්ධය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ කඳුළු පිසදැමීමට වත්මන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්ට නොහැකිවී ඇත. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට පසුබෑමකට ලක්වීමට සිදුවිය. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ කටයුතු එයට එක් හේතුවක් විය.

සටන් කිරීම මගින් රැගෙනදීමට නොහැකි දේශපාලන විසඳුම ප්‍රජාතන්ත්‍රවාදි මාර්ගයෙන් ලබාගැනීම සඳහා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය අපේක්‍ෂකයා ලෙස තරග කිරීම සම්බන්ධයෙන් යහපත් තීරණයක් ගන්නෙමු. මා තනතුරු පස්සේ දුවන පුද්ගලයෙකු නොවේ.

2013 වර්ෂයේදී ප්‍රධාන අමාත්‍ය අපේක්‍ෂකයා ලෙස මා ඉදිරිපත් කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබුණි. තනතුරට වඩා ජනතාවට සේවය කිරීමට හැකි පුද්ගලයෙකු ප්‍රධාන අමාත්‍ය අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට මා කැමැත්තක් දැක්වූයෙමි. ඒ අනුව, මට වඩා නීතිය පිළිබඳ දන්නා සී.වී.විග්නේෂ්වරන්ව ප්‍රධාන අමාත්‍ය අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කලයුතු බව ප්‍රකාශ කර, ඔහුව උතුරු පළාත් ප්‍රධාන අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කළෙමි. ඔහු එයින් ජයග්‍රහණය කල නමුත්, තම නීතිමය දැනුම ප්‍රයෝජනයට ගෙන, යුද්දය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ කඳුළු පිසදැමීමට ඔහුට නොහැකිවී ඇත. දෙමළ ජාතික සන්දානයට සහ රජයට චෝදනා එල්ල කිරීමට ඔහු කාලය වැයකරන ලදි.

එබැවින්, පසුගිය වතාවේ සිදුකල වරද මේ වතාවේදීත් ‍සිදුනොකරන්නෙමු. මෙළ ජාතික සන්ධානය රැස්වී සාකච්ඡා කර, මා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය අප්ක්‍ෂකයා ලෙස ඉදිරිපත් කලහොත්, යහපත් තීරණයක් ගන්නෙමි. මා තනතුරු පස්සේ දුවන පුද්ගලයෙකු නම්, 2013 වර්ෂයේදීම ප්‍රධාන අමාත්‍යධූරයට පත්වීමට තිබුණි” යනුවෙන් මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න