Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සැබෑ තොරතුරු ලබාගැනීමට නොහැකි තත්වයක් ඇත

|Mon,14 May 2018 11.50|Political| Page Views : 23

අලුත් පුවත්
අඩුව පිරවීමට මා සූදානම්
පොහොට්ටුවයි එජාපයයි ගව ඝාතනය නවතන්න එකට එකතු වෙයි, වැල්ලවාය ප්‍රදේශීය සභාවෙන් අපූරූ පියවරක් .!
මුම්බායි සහ රාජස්ථාන් කණ්ඩායම්වල ප්‍රතිපලය චෙන්නායි පිළට වාසි වෙි
බ්‍රිතාන්‍ය රග්බි ක්‍රිඩකයෙක් හුස්ම ගැනීමේ අපහසුවක් නිසා ලංකාවේදී මරුට
රූපවාහිනියේ සභාපති හදිසියේ ඉල්ලා අස් වේ
සිත්තරා සිතුම් සුධාර බිරිය මරාදැමූ සැඟවුණ කතාව
මහේල උඩවත්ත ටෙස්ට් කණ්ඩායමට නම් කරයි
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“උතුරු පළාතේ හමුදාකරණය කර ඇති ප්‍රදේශවල ජීවත්වන යුද්දය හේතුවෙන් පීඩාවට පත් කාන්තාවන්ගේ සැබෑ තොරතුරු ලබාගැනීමට නොහැකි තත්වයක් දැකගැනීමට ඇත” යනුවෙන් ජාත්‍යන්තර කාන්තා සම්මේලන සම්බන්ධීකාරක සරෝජා ශිවචන්ද්‍රන් ප්‍රකාශ කර ඇත.

ජාත්‍යන්තර කාන්තා සම්මේලනයේ කටයුතු පිළිබඳ මාධ්‍ය හමුවක් යාපනය දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධානවල සම්බන්ධීකරණ කාර්යාලයේදී 2018.05.12 වන දින පවත්වා ඇත. එම මාධ්‍ය හමුවට සහභාගි වී අදහස් දැක්වූ අවස්ථාවේදී ඇය මේ බව ප්‍රකාශ කර ඇත.

“යුද්ධය අවසන් කිරීමෙන් පසු, කාන්තාවන් දිරිගැන්වීම සහ ගෘහමූලිකත්වය දැරීම යන මුවාවෙන් මෙම සම්මේලනය පිහිටුවන ලදි. යුද්ධය හේතුවෙන් පීඩාවට පත් කාන්තාවන්, පවුල්, ස්වාමිපුරුෂයින්, දරුවන් අහිමිවූවන්ගේ ජීවනෝපාය තත්වයන් සම්බන්ධයෙන් ගැඹුරින් සාකච්ඡා කර, ඔවුන්ව දිරිගැන්වීම සඳහා වන යෝජනා විශ්ලේෂකයින්ගෙන් බලාපොරොත්තු වෙන්නෙමු.

උතුරු පළාත ගත්විටදී, හමුදාකරණය කර ඇති ප්‍රදේශවල ජීවත්වන කාන්තාවන්ගේ තත්වය සම්බන්ධයෙන් සැබෑ තොරතුරු රැස්කිරීමට නොහැකිවී ඇත. මෙම සම්මේලනය හරහා සැබෑ තොරතුරු ලබාගන්නේ කෙසේද? යන්න සම්බන්ධයෙන් සැළසුමක් සකස්කර ඇත්තෙමු. ඒ හරහා ජාත්‍යන්තර ප්‍රජාව වෙත එම තොරතුරු රැගෙනයාමට අප සූදානමින් සිටින්නෙමු.

ඒ අතරම, මෙම සම්මේලනය යාපනය පුස්තකාල ශාලාවේදී 2018.07.21 සහ 22 යන දිනයන්හිදී සම්මන්ත්‍රණයක් පැවැත්වීමට නියමිත අතර, ජාත්‍යන්තර වශයෙන් කාන්තාවන් මෙම සම්මන්ත්‍රණයට සහභාගිවී, කාන්තාවන් මුහුණදෙන ගැටළු පිළිබඳ විශ්ලේෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම විශ්ලේෂණ වාර්තාවට අනුව, අනාගතයේදී අපගේ කාන්තාවන්ගේ ජීවිතයේ සැබෑ වෙනසක් ඇතිකිරීමට හැකිය” යනුවෙන් සරෝජා ශිවචන්ද්‍රන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න