Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගිනිපෙට්ටි අර්බුදය කඩිනමින් විසඳන්න රජයේ අවධානය

|Tue,15 May 2018 08.25|Special| Page Views :

ශ්‍රී ලංකාවේ ගිනි පෙට්ටි නිෂ්පාදනයේ යෙදෙන නිෂ්පාදකයින්ට අවශ්‍ය වන, පොටෑසියම් ක්ලෝරේට් හා රතු පොස්පරස් රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමේදී ඇතිව තිබෙන ගැටලුවක් නිසා ගිනි පෙට්ටි නිෂ්පාදනය ක්‍රමවත්ව පවත්වාගෙන යාමට නොහැකි වී තිබෙන බව ශ්‍රී ලංකා ආරක්ෂක ගිනි පෙට්ටි නිෂ්පාදකයින්ගේ සංගමය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හමුවී ප්‍රකාශ කර තිබෙනවා.

මෙහිදී ඔවුන් පෙන්වා දුන්නේ මීට මූලිකම හේතුව වී ඇත්තේ පොටෑසියම් ක්ලෝරේට් හා රතු පොස්පරස් රසායන ද්‍රව්‍ය ආනයන ක්‍රමවේදය හා ටෙන්ඩර් පටිපාටියේ ඇති අක්‍රමවත්භාවය පිළිබඳවයි.

ශ්‍රී ලංකා ආරක්ෂිත ගිනි පෙට්ටි නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති බී.ඩී.ආර්. රාජන් මෙහිදී පෙන්වා දුන්නේ,

"ගිනි පෙට්ටි නිෂ්පාදනයට අවශ්‍යවන අමුද්‍රව්‍යවල ඩෙන්ඩර් සඳහා මිළ ගණන් ඉදිරිපත් කිරීමේදී ඒවා විවෘත කරන මොහොතේ අමුද්‍රව්‍යවල සාම්පල් ඉදිරිපත් කරන්න ඕන. මීට පෙර තිබුණේ ඩෙන්ඩර් සාම්පල් ලෙස පොටෑසියම් ක්ලෝරේට් හා රතු පොස්පරස් ග්‍රෑම් 500 - 1000 (1kg) අතර ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමටයි. නමුත් දැන් එක් වර්ගයක් කිලෝ ග්‍රෑම් 02 ක ප්‍රමාණයක් ටෙන්ඩර් විවෘතකරන අවස්ථාවේදී ලබා දීමට සිදු වෙලා තියෙනවා. මෙම ද්‍රව්‍ය වහා ගිනි ඇවිලෙන සුලු ද්‍රව්‍යයන් නිසා එවැනි ප්‍රමාණයක සාම්පලයක් සමහර ගුවන්සේවා මඟින් ගෙන ඒමට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ඒ වගේම ඒවා (ITI) කාර්මික තාක්ෂණ ආයතනයට යවලා පරීක්ෂණ කටයුතු සිදු කරනවා. ඒ සඳහා සති 3-4 ක පමණ කාලයක් ගත වෙනවා. ඉන් පසුව ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගැනීමට, ණයවර ලිපි ලබා ගැනීමට තවත් කාලයක් ගත වෙනවා. ඉන් පසුව ආයතන සොයා තොග ආ පසුව යළිත් ITIයවා පරීක්ෂා කරන්න ඕන. මේ සියල්ලම සඳහා මාස 03 කට ආසන්න කාලයක් ගත වෙනවා. මෙම ප්‍රමාදයන් නිසා වෙළෙ‍ඳපොළේ අමුද්‍රව්‍ය හිඟයක් ඇති වී ගිනිපෙට්ටි හිඟයක් ඇති වීමටද පුළුවන්. මේ තත්ත්වය නිසා දැන් අපට ගිනි පෙට්ටි නිෂ්පාදනය අත්හැර දැමීමට සිදුවී තියෙනවා. එම නිසා අපට මේ සඳහා ඉතාමත් ඉක්මනින් විසඳුමක් ලබා දෙන්න." බවයි.

මීට පෙර අවස්ථාවකදීත් ගිනි පෙට්ටි නිෂ්පාදනයට අවශ්‍ය රසායන ද්‍රව්‍ය කලට වේලාවට සැපයීමට නොහැකිවීම නිසා බොහෝ ගිනි පෙට්ටි කර්මාන්තශාලා මාස 03 කට ආසන්න කාලයක් වසා දමන්නට එහි හිමිකරුවන්ට සිදුවුණා. මේ නිසා එම සමයේ රටේ ගිනිපෙට්ටි හිඟයක්ද ඇති වුණා. මෙම ගිනි පෙට්ටි කර්මාන්තශාලාවල සේවය කරනු ලබන්නේ අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයන්. ගිනිපෙට්ටි කර්මාන්තය තුළ සෘජු හා වක්‍ර රැකියාවන් කරන පිරිස 8500 ක් පමණ වෙනවා. ගිනිපෙට්ටි නිෂ්පාදන අමුද්‍රව්‍ය හිඟය නිසා කර්මාන්තශාලා වසා දැමුවහොත් එම පිරිසට රැකියා අහිමි වීම වැළැක්විය නොහැකි වනු ඇති.

මෙහිදී අදහස් දැක්වූ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සඳහන් කළේ ගිනිපෙට්ටි කර්මාන්තකරුවන් පත්ව තිබෙන තත්ත්වය ගැන තමා කණගාටු වෙන බවයි. මේ ගැන ආරක්ෂක අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර, එම රාසායනික අමුද්‍රව්‍ය ගෙන්වීමට ඇති බාධක සියල්ලම ඉවත්කර දෙන බවද සඳහන් කළා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න