Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජනාධිපති ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස දිවයිනට

|Tue, 15 May 2018 09.09 |Security| Page Views : 22

අලුත් පුවත්
ගිනිපෙට්ටි අර්බුදය කඩිනමින් විසඳන්න රජයේ අවධානය
විශ්‍රාම ලැබූ පොලිස් ප්‍රදානියෙකු යලි සේවයට
දූවිලි කුණාටුව ජීවිත 61ක් බිලි !
මාතලේ රාජ්‍ය බැංකුව කඩන්න ගියපු කෝටිපතියා මාට්ටූ
අනතුරින් පොලිස් නිලධාරියා මිය යයි
ෆේස්බුක් හිමිකරුගේ උපන් දිනය අදයි
ජනපති අද දිවයිනට
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස සිය දෙදින ඉරාන සංචාරය නිමා කර අද (15) දින අලුයම 1.45 ට දිවයිනට පැමිණි බව කටුනායක ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළා.

කටාර් ගුවන් සේවයේ කිව්.ආර් . - 668 (Q.R.-668) දරන ගුවන් යානයෙන් ජනාධිපතිවරායා ප්‍රමුඛ ධූත පිරිස මෙලෙස පැමිණි බවයි සඳහන් කළේ.

ඉරානයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි අතර හමුවක් ඊයේ (13) පස්වරුවේ ටෙහෙරාන් නුවරදී සිදු වුණා.

මෙහිදී ඉරාන ආධ්‍යාත්මික නායකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව හෘදයාංගම ලෙස පිළිගනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අතීතයේ පටන් පවතින ශ්‍රී ලංකා - ඉරාන සබඳතා සවිමත්ව ඉදිරියට ගෙනයාමේ වැදගත්කම මෙහිදී පෙන්වාදුන් ඉරාන ආධ්‍යාත්මික නායකයා දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා මෙන්ම ජනතාව අතර සබඳතා ද වැඩිදියුණු කර ගැනීමේ වැදගත්කම පෙන්වා දී තිබෙනවා.

රටවල් දෙකම භූගෝලීය වශයෙන් වැදගත් ස්ථානවල පිහිටා තිඛෙන අතර, ඒ අනුව ඉදිරි දියුණුවට රටවල් දෙකටම ඇති ශක්‍යතාවයන් උපරිම ලෙස භාවිතයට ගැනීමේ වැදගත්කම ද පෙන්වා දී තිබුණා.

මෙහිදී ඉරාන ආධ්‍යාත්මික නායකයකා විශේෂයෙන් සදහන් කර ඇත්තේ තමන් කවදත් ශ්‍රී ලංකාවේ තේවලට ඉතා කැමැත්තක් දක්වන බවයි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා, අධ්‍යාත්මික නායකයෙකු වශයෙන් එතුමා ඉටුකරන මෙහෙය ඇගයීමට ලක් කර තිබෙනවා. බෞද්ධ දර්ශනය මත පදනම් වූ සමාජයක් ශ්‍රී ලංකාවේ පවතින බවත්, ආගමික දර්ශනයන් තුළින් සමාජය සුවපත් කළ හැකි බවත් ජනාධිපතිතුමා සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ.

මේ අතර ඉරානයේ ටෙහෙරාන් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් ද ඊයේ (13) පස්වරුවේ ජනාධිපතිතුමා හමුවී තිබෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න