Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගාසා තීරයේ සිදුකල ප්‍රහාරයකින් 55 ක් මරුට,2700 කට අධික පිරිසක් තුවාල..

|Tue,15 May 2018 09.53|Security| Page Views : 21

අලුත් පුවත්
කොළඹ අවට ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්දි වෙයි
ජනාධිපති ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස දිවයිනට
ගිනිපෙට්ටි අර්බුදය කඩිනමින් විසඳන්න රජයේ අවධානය
විශ්‍රාම ලැබූ පොලිස් ප්‍රදානියෙකු යලි සේවයට
දූවිලි කුණාටුව ජීවිත 61ක් බිලි !
මාතලේ රාජ්‍ය බැංකුව කඩන්න ගියපු කෝටිපතියා මාට්ටූ
අනතුරින් පොලිස් නිලධාරියා මිය යයි
ෆේස්බුක් හිමිකරුගේ උපන් දිනය අදයි
 
ඊශ්‍රායලය හමුදාව විසින් සිදුකල ප්‍රහාරය ආරක්ෂාව සදහා එල්ල කල ප්‍රහාරයක් බව එරට රාජ්‍ය සදහන් කරයි.

එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 55 දෙනෙකු මියගොස් 2700කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

2014 වර්ෂයෙන් පසුව ගාසා තීරයේ සිදුවූ දරුණුතම ප්‍රහාරය ඊයේ ඊශ්‍රායල හමුදා විසින් එල්ල කරනු ලැබූ මෙම ප්‍රහාරය බවයි පලස්තීන බලධාරීහු අනාවරණය කර තිබුණේ.

මෙම ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත්තේ සිය හමුදා ගාසා තීරයේ කැරළිකාරි ලෙස හැසිරෙන හමාස් අන්තවාදීන්ට එරෙහිව ස්වයං ආරක්ෂාව උදෙසා මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.

හමාස් අන්තවාදීන්හට ඊශ්‍රායලය විනාශ කිරීමේ අවශ්‍යතාවක් ඇති බව ද අගමැතිවරයා පවසා තිබේ.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමින් පලස්තීන බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ මෙය මිලේච්ඡ සමූහ ඝාතනයක් ලෙසයි.

මේ අතර ඊයේ සිදුවූ මෙම ප්‍රහාරය මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව මේ පිළිබඳව අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබේ.

ඊශ්‍රායලයේ අමෙරිකානු තානාපති කාර්යාලය, ටෙල් අවිව් සිට ජෙරුසලමට මාරු කිරීමට සහ ඊශ්‍රායලයේ අගනුවර ලෙස තමන් ජෙරුසලම හඳුනා ගන්නා බවට අමෙරිකානු ජනපති ගත් තීරණය සමග ඊට එරෙහිව පලස්තීනයේ සති 6ක කාලයක සිට දැඩි විරෝධතා රැළි පැවැත්විණ.

නැවත පැමිණිමේ රැළිය ලෙස නම් කෙරුණු එම රැළිය ඊයේ දිනයේ නව අමෙරිකානු තානාපති කාර්යාලය විවෘත කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස විරෝධය පළ කරමින් පවසා ඇත්තේ නැගෙනහිර ජෙරුසලම පලස්තීනයේ අනාගත අගනුවර බවයි.

අමෙරිකාව, ජෙරුසලමේ ආධිපත්‍ය ඊශ්‍රායලයට සතු කරවීමට සහය දෙන බවත් ඊශ්‍රායලය ජෙරුසලම, නොබෙදිය හැකි ප්‍රාග්ධනයක් ලෙස සලකන බවත් පලස්තීන විරෝධතාකරුවෝ වැඩිදුරටත් චොදනා කරති.

කෙසේ වෙතත් සිය අයිතිය වෙනුවෙන් සිදුකරන මෙම විරෝධතාව නොනැවතී අද දිනයෙත් සිදුකිරීමට නියමිත බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව සඳහන් ය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න