Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පොලිතීන් වැටලීම් ‍පොලීසියෙන්

|Tue,15 May 2018 10.03|Miscellaneous| Page Views :

පරිසරයට අහිතකර ‍පොලිතින් නිෂ්පාදනය, බෙදාහැරීම හා අලෙවියට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ බලය ශ්‍රී ලංකා ‍පොලීසියට පැවැරීම සඳහා මේ දිනවල කටයුතු කරගෙන යන බව ශ්‍රී ලංකා පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී. බි. හේමන්ත ජයසිංහ මහතා සඳහන් කරයි.

දැනට ශ්‍රී ලංකා පරිසර අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය සතු මෙම බලය ශ්‍රී ලංකා ‍පොලීසියට පැවැරීමෙන් පරිසරයට අහිතකර ‍පොලිතින් භාවිතය අවම කිරීම අධිකාරියේ අපේක්ෂාව බවද ජයසිංහ මහතා කීවේය.

පරිසරයට අහිතකර ‍පොලිතින් භාවිතය අවම කිරීම සඳහා අපි දැන් දිවා රෑ වැටලීම් සිදු කරනවා. අපි ඉකුත් මාස තුනේදී වැටලීම් 2356 ක් සිදුකර තිබෙනවා. මීට අමතරව අපි දිස්ත්‍රික් මට්ටමින් අප්‍රේල් 23-27 දක්වා කරන ලද වැටලීම්වලදී පරිසරයට අහිතකර ‍පොලිතින් නිපදවන්නන්, බෙදාහරින්නන් හා අලෙවිකරුවන් 926 ක් හඳුනා ගත්තා.

දැන් දැන් ජනතාව පරිසර හිතකාමී ‍පොලිතින් භාවිතයට හුරුව සිටිනවා. පරිසරයට අහිතකර ‍පොලිතින් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට අංක 0112888999 දුරකථනය දිවා රාත්‍රී විවෘතව පවතින බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න