Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අඩු වියදම් විදුලි සැලැස්මට කොමිසමේ අනුමැතිය

|Tue,15 May 2018 10.32|Security| Page Views : 79

අලුත් පුවත්
පොලිතීන් වැටලීම් ‍පොලීසියෙන්
රජයේ මාධ්‍ය ආයතන කිහිපයක මුල්පුටු කාන්තාවන්ට
ගාසා තීරයේ සිදුකල ප්‍රහාරයකින් 55 ක් මරුට,2700 කට අධික පිරිසක් තුවාල..
කොළඹ අවට ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්දි වෙයි
ජනාධිපති ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස දිවයිනට
ගිනිපෙට්ටි අර්බුදය කඩිනමින් විසඳන්න රජයේ අවධානය
විශ්‍රාම ලැබූ පොලිස් ප්‍රදානියෙකු යලි සේවයට
දූවිලි කුණාටුව ජීවිත 61ක් බිලි !
 
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් ඉදිරිපත් කර ඇති අඩු වියදම් සැලැස්ම සඳහා අවම පිරිවැය මූලධර්ම පාදක කොට තම කොමිසම අනුමැතියදී තිබෙන බව මහජන උපයෝගීතා කොමිසම ජනාධිපති ‍ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාට දැනුම් දී ඇත.

මහජන උපයෝගීතා කොමිසම විසින් දිගුකාලීන ජනතා සැලැස්ම අනුමත කිරීමේදී ශ්‍රී ලංකා විදුලිබල පනතේ 43 (8) වගන්තිය යටතේ අවම පිරිවැය මූලධර්ම පාදක කොට අනුමත කර ඇති සැලැස්මක් හැර වෙනත් ආකාරයේ සැලැස්මක් අනුමත කිරීමට අවශ්‍ය නම්, එම සැලැස්මට අඩංගු කළ යුතු අවම පිරිවැය මූලධර්ම යටතේ සුදුසුකම් නොලබන ජනන ප්‍රභවයන්ද ඇතුළත් රාජ්‍ය ප්‍රතිපත්තිය විදුලිබල පනතේ 5 වෙනි වගන්තිය ප්‍රකාරව කොමිෂන් සභාව වෙත දන්වා එවිය යුතු බවද මෙම ලිපිය ජනාධිපති ‍ලේකම්වරයා දැනුම්වත් කර තිබේ.

මෙම ජනන සැලැස්ම අනුමත කිරීමට පෙර එවැනි රාජ්‍ය ප්‍රතිපත්තියක් වේ නම් එය තම කොමිසම වෙත ලබාදෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ‍ලේකම්වරයාගෙන් ඉල්ලා සිටි නමුත් මතෛක් එවැන්නක් නොලැබුණු බවද එම ලිපියේ සඳහන් වේ.

මහජන උපයෝගීතා කොමිසම නීත්‍යානුකූලව අනුමත කර ඇති අවම පිරිවැය සහිත දිගුකාලීන විදුලි ජනන සැලැස්ම වෙනුවට වෙනත් විදුලි ජනන සැලැස්මක් අනුව ක්‍රියාකිරීම සඳහා විදුලිබල පනතේ 5 වන වගන්තිය යටතේ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය තීරණයක් අවශ්‍ය බව එම ලිපියේ තවදුරටත් සඳහන් කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න