Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

භූමිතෙල් සහනාධාරය ගිණුමට

|Tue,15 May 2018 11.13|Security| Page Views : 29

අලුත් පුවත්
අඩු වියදම් විදුලි සැලැස්මට කොමිසමේ අනුමැතිය
පොලිතීන් වැටලීම් ‍පොලීසියෙන්
රජයේ මාධ්‍ය ආයතන කිහිපයක මුල්පුටු කාන්තාවන්ට
ගාසා තීරයේ සිදුකල ප්‍රහාරයකින් 55 ක් මරුට,2700 කට අධික පිරිසක් තුවාල..
කොළඹ අවට ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්දි වෙයි
ජනාධිපති ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස දිවයිනට
ගිනිපෙට්ටි අර්බුදය කඩිනමින් විසඳන්න රජයේ අවධානය
විශ්‍රාම ලැබූ පොලිස් ප්‍රදානියෙකු යලි සේවයට
 
අඩු ආදායම්ලාභී විදුලිය නොමැති පවුල් ඒකකවලට සහ භූමිතෙල් භාවිත කරන බෝට්ටු හිමිකරුවන්ට භූමිතෙල් සහනාධාරය මුදල් වශයෙන් අදාළ ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට කෙළින්ම බැරකිරීමට වැඩපිළිවෙළක් සම්පාදනය කරමින් පවතින බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ‍ලේකම් උපාලි මාරසිංහ මහතා පැවැසීය.

ඒ සඳහා අදාළ තොරතුරු සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් සහ ධීවර දෙපාර්තමේන්තුවෙන් ලැබිමට නියමිත බවත් හෙතෙම පැවැසීය.

භූමිතෙල් මිල පසුගිය 10 දින මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය වූවද එම සහනාධාරය, අඩු ආදායම්ලාභී විදුලිය නොමැති පවුල් ඒකක සහ භූමිතෙල් භාවිත කරන බෝට්ටු හිමිකරුවන්ටද භූමිතෙල් සහනාධාර තවදුරටත් ලබාදීමට රජය තීරණය කර ඇත.

මේ අනුව මෙරට අඩු ආදායම්ලාභී පවුල් දෙලක්ෂ හැට හතරදහසක් සිටින අතර භූමිතෙල් භාවිත කරන බෝට්ටු විසිහත්දහස් හත්සියයක් ඇති බවත් ඒ මහතා පැවැසීය.

ධීවරයකුගේ බෝට්ටුවක් සඳහා මාසයකට භූමිතෙල් ලීටර් 375ක ප්‍රමාණයක් භාවිත වන අතර එම ප්‍රමාණයට අදාළ මුදල් ගණනය කර ලබාදෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

මීට අමතරව අඩු ආදායම්ලාභී විදුලිය නොමැති පවුල් ඒකක සඳහා භූමිතෙල් ලබාදෙන්නේද සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ පවතින සංඛ්‍යා ‍ලේඛනවලට අනුව බැවින් මාස තුනකට 3 වරක් විදුලිය ලබාගන්නා නිවාස පරීක්ෂා කර බලා ඔවුන් ලබාදෙන භූමිතෙල් සහනාධාරය කපා හරින තවත් හෙතෙම පැවැසීය.

මේ අනුව භූමිතෙල් මිල සංශෝධනය වූ දිනයේ සිට නියමිත සහනාධාරය හිඟ මුදල් සමගද ඉතා කඩිනමින් ගෙවීමට කටයුතු කරන බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ‍ලේකම් උපාලි මාරසිංහ මහතා පැවැසීය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න