Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මාතලේ ලොකු ළුෑණූ ගොවින්ට සහන රැසක්

|Tue,15 May 2018 11.28|Security| Page Views :

මාතලේ දිස්ත්‍රික්කයේ ලොකු ළුෑණූ බීජ නිෂ්පාදකයින්ගෙන් කිලෝ 7000ක් මිලදී ගැනීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම රාජ්‍ය ආමත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පැවසීය.

ලොකු ළුෑණූ බීජ අළෙවිකර ගැනීමට නොහැකිව අපහසුතාවයට පත්ව සිටි ගොවි ජනතාවට සහනයක් වශයෙන් හා ලොකු ළුෑණූ වගාව දිරිමත් කිරිමේ අරමුණින් මෙම මිලදී ගැනීම සිදුකළ කෙරේ. එසේම මිලදී ගත් ලොකු ළුෑණූ බීජවල වටිනාකමින් 50%ක සහනාධාරයක් යටතේ ගොවීන් අතර බෙදා දීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම තොරතුරු අනාවරණය කළේය.

ඉතිහාසයේ කිසිදිනෙක නොලැබු සහන රැසක් මෙවර ලොකු ළුෑණූ ගොවින් වෙනුවෙන් ලබා දී ඇති බව මධ්‍යම පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ මහින්ද දොඩන්වල මහතා පැවැසීය. ලොකු ළුෑණූ ලූනු අක්කරයක් වගා කිරීම සඳහා රු. 9000.00ක සහනාධාරයක් රජය මගින් ලබා දෙන බවද දොඩන්වල මහතා පැවැසීය. කාලගුණික හා දේශගුණික සාධකයන් හා ස්වභාවික ආපදා හේතුවෙන් වගාවන් හානිවන අවස්ථාවක රු. 40,000.00ක රක්ෂණාවරණයක් ලබාදීමටත් කටයුතු කරන බවත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ සම සභාතිත්වයෙන් පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සඳහා දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයින්ද, මාතලේ වැඩබලන දිස්ත්‍රික් ලේකම් එල්.පී මදනායක මහතා ඇතුළු දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් සහභාගි වුහ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න