Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දුම්වැටි තොගයක් කටුනායක දී අත්අඩංගුවට

|Tue,15 May 2018 12.54|Security| Page Views : 69

අලුත් පුවත්
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට සේවකයන් බඳවා ගනී
25% කට වඩා වැඩි සංඛ්‍යාවකට ඇඳුම !
මාතලේ ලොකු ළුෑණූ ගොවින්ට සහන රැසක්
භූමිතෙල් සහනාධාරය ගිණුමට
අඩු වියදම් විදුලි සැලැස්මට කොමිසමේ අනුමැතිය
පොලිතීන් වැටලීම් ‍පොලීසියෙන්
රජයේ මාධ්‍ය ආයතන කිහිපයක මුල්පුටු කාන්තාවන්ට
ගාසා තීරයේ සිදුකල ප්‍රහාරයකින් 55 ක් මරුට,2700 කට අධික පිරිසක් තුවාල..
 
නීතිවිරෝධී ලෙස සිංගප්පූරුවේ සිට රැගෙන ආ දුම්වැටි තොගයක් අද (15) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බැව් වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය .

මොහු කොළඹ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි .

ඔහු අද (15) අලුයම 5.50 ට පමණ සිංගප්පූරුවේ සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 349 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි අතර එදින උදෑසන 6.30 ට පමණ රේගු නිලධාරීන් විසින් මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි .

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ බෙන්සන් ඇන්ඩ් හෙජස් වර්ගයේ දුම්වැටි 15,400 ක් අඩංගු , දුම්වැටි කාටූන් 77 ක් සගවා ගෙන තිබී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන තිබුණි .ඒවායේ වටිනාකම රුපියල් 7,70,000 ක් බව රේගුව සදහන් කරයි.

කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්.ජාබීර් මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ අචල චන්ද්‍රසේකර මහතා විසින් මේ පිළිබඳව වැඩිදුර රේගු පරීක්ෂණය පැවැත්වූ අතර එහිදී මෙම දුම්වැටි තොගය රාජසන්තක කර මේවා නීති විරෝධී ලෙස රැගෙන ආ පුද්ගලයාට රුපියල් 75,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න