Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉරණතිව් ප්‍රදේශයේ සංචාරයක!

|Tue,15 May 2018 14.28|Political| Page Views : 26

අලුත් පුවත්
ඉරණතිව් ප්‍රදේශයේ සංචාරයක!
ගජමෑන්ගේ ඇත්ත කතාව
දුම්වැටි තොගයක් කටුනායක දී අත්අඩංගුවට
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට සේවකයන් බඳවා ගනී
25% කට වඩා වැඩි සංඛ්‍යාවකට ඇඳුම !
මාතලේ ලොකු ළුෑණූ ගොවින්ට සහන රැසක්
භූමිතෙල් සහනාධාරය ගිණුමට
අඩු වියදම් විදුලි සැලැස්මට කොමිසමේ අනුමැතිය
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

හමුදාව සතුව ඇති තම පාරම්පරික ඉඩම් නිදහස් කරන ලෙස අවධාරණය කරමින් කිළිනොච්චි ඉරණතිව් ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරතවී සිටින ජනතාව හමුවීම සඳහා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් ඉරණතිව් ප්‍රදේශයට ගොස් ඇත.

ප්‍රධාන අමාත්‍යවරයා ඉරණතිව් ජනතාවට අවශ්‍ය වියළි අහාර මළු සහ අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන 2018.05.14 වන දින එම ප්‍රදේශයට ගොස් එම ජනතාව හමුවී සාකච්ඡා කර ඇත. උතුරු පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍ය කේ.සර්වේශ්වරන්, උතුරු පළාත් සභා මන්ත්‍රීවරු වන පි.අයින්ගරනේෂන් සහ ගජදීපන් ඇතුළු විශාල පිරිසක් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සමඟ මෙම සංචාරයට එක්වී ඇත.

නාවික හමුදා පාලනය යටතේ ඇති තම පාරම්පරික ඉඩම් නිදහස් කරන ලෙස අවධාරණය කරමින් ඉරණතිව් ප්‍රදේශයේ ජනතාව 2017.04.02 වන දින සිට උද්ඝෝෂණයේ නිරතවී සිටියි. එම උද්ඝෝෂණයට වසරක් ගතවී ඇතැත්, එම ජනතාවට කිසිදු විසඳුමක් ලබාදී නොමැත.

මෙවැනි පසුබිමකදි, 2018.04.02 වන දින ඉරණතිව් ප්‍රදේශයට ඇතුළුවූ එම ජනතාව, එහි ඇති ඉරණමාතා දේවස්ථානයේ රැඳී සිටිමින් අඛණ්ඩව තම උද්ඝෝෂණය පවත්වමින් සිටියි. ජනතාවගේ ඉඩම්වල කැළෑවීමට ඉඩදී, නිවාස කඩා බිඳ දමා, ජන ජීවිතයට සුදුසු නොවන තත්වයක එම ප්‍රදේශය ඇති බව දැකගැනිමට ඇති බව ජනතාව ප්‍රකාශ කර ඇත.

නමුත්, තම පාරම්පරික ඉඩම් නිදහස් කරගැනීම සඳහා එම ජනතාව අඛණ්ඩව උද්ඝෝෂණයේ නිරතවී සිටින අතර, ඔවුන්ට අවශ්‍ය භාණ්ඩ මහජන නියෝජිතයින් ලබාදෙමින් සිටින බව සඳහන් කල යුතුය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න