Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ස්ථාන මාරුවීම අහෝසිකරන මෙන් ඉල්ලා ලිපියක්

|Tue,15 May 2018 14.50|Political| Page Views :

පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

වව්නියාව දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය කෘෂිකර්ම නිලධාරි තට්චනාමූර්ති යෝගේශ්වරන් මහතාව අනිසි ලෙස ස්ථානමාරුකිරීම කඩිනමින් අහෝසි කරන මෙන් ඉල්ලා සිටිමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් සහ කෘෂිකර්ම අමාත්‍ය කේ.ශිවනේෂන් යන දෙදෙනාට හදිසි ලිපියක් යවා ඇත.

උතුරු පළාත් සභා මන්ත්‍රී පි.සත්‍යලිංගම්, එම්.ත්‍යාගරාසා, ජි.ටි.ලිංගනාදන්, ආර්.ඉන්ද්‍රරාසා යනාදීන් විසින් අත්සන් තබා මෙම ලිපිය යවා ඇත. “වව්නියාව දිස්ත්‍රික්කයේ වත්මන් නියෝජ්‍ය කෘෂිකර්ම නිලධාරිවරයාට මන්නාරමට ස්ථානමාරුවීමක් ලබාදී ඇති බව දැනගැනීමට ලැබී ඇත.

ඔහුව ස්ථාන මාරුකිරීම හේතුවෙන්, වව්නියාව දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම ක්‍ෂේත්‍රයේ සංවර්ධන කටයුතුවලට හානියක් සිදුවනු ඇති බව බොහෝ කෘෂිකාර්මික සංවිධාන අප වෙත පැමිණිලි කර ඇත.

ඔහු වව්නියාව දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම ක්‍ෂේත්‍රය වෙනුවෙන් කැපවීමකින් කටයුතු කල පුද්ගලයෙකි. ඒ හේතුවෙන් ඔහුට තවදුරටත් වව්නියාව දිස්ත්‍රික්කයේ සේවය කිරීමට අවසර ලබාදෙන මෙන් දිස්ත්‍රික්කයේ ගොවීන් වෙනුවෙන් ඉල්ලා සිටින්නෙමු” යනුවෙන් එම ලිපියේ සඳහන් කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න