Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

යාපනය හරිත නගරයක් කරන්න යයි

|Tue,15 May 2018 15.08|Special| Page Views : 28

අලුත් පුවත්
හෙට සිට බස් ගාස්තු වැඩි වෙයි
ස්ථාන මාරුවීම අහෝසිකරන මෙන් ඉල්ලා ලිපියක්
මරණ සහතික ලබාදෙන කාර්යාලයක් ලෙස සකස් නොවිය යුතුය
ඉරණතිව් ප්‍රදේශයේ සංචාරයක!
ඉරණතිව් ප්‍රදේශයේ සංචාරයක!
ගජමෑන්ගේ ඇත්ත කතාව
දුම්වැටි තොගයක් කටුනායක දී අත්අඩංගුවට
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට සේවකයන් බඳවා ගනී
 
එළඹෙන ජූනි මස 5 වන දින යාපනය නගරය කේන්ද්‍ර කර ගනිමින් නගරය අවට රුක් රෝපණ වැඩසටහනක් උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ සංකල්පයක් අනුව ආණ්ඩුකාරවර කාර්යාලයේ මෙහෙයවීමෙන් ආරම්භ කිරීමට නියමිතය.

මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද (15) උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා යාපනය නගරාධිපතිවරයා ඇතුළු මහ නගර සභාවත් උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය කන්දයියා සරවේෂ්වරන් මහතා ඇතුළු සියලූම රාජ්‍ය ආයතනවල නිලධාරීන්ද සහයෝගය ලබා දෙන අතර ප‍්‍රදේශය පුරා පැල 3000ක් පමණ සිටුවීමට කටයුතු සූදානම් කරඇත.

මේ සඳහා කොහොඹ, තේක්ක, ජම්බු, මහෝගනී වැනි පැල තෝරා ගෙන ඇති අතර පන්නෙයි පාර, පන්නෙයි වෙරළ පාර, කෙරෙයිනගර් පාර, කොළොම්බතුරෙයි පාර, සෙන් පැට්ට‍්‍රික් වෙරළ පාර යන ස්ථාන වල මූලික වශයෙන් මෙම පැල සිටුවීම කරගෙන යනු ලබයි.

අවශ්‍ය පැල වර්ග වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හා කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් සපයනු ලබන අතර විශේෂයෙන් උතුරු පලාතේ පවතින දැඩි හිරු රශ්මිය පාලනය කර ගැනීමටත් මෙය මහත් පිටිවහලක් වනු ඇත.

මෙම පැල පළාතේ කාලගුණයටත්, පරිසරයටත්, පසටත්, ජලයටත් ඔරොත්තු දෙන ආකාරයේ පැල වර්ග වන අතර මෙය රෝපණය කිරීමෙන් පසුව යාපනය මහ නගර සභාව මගින් එම පැල නඩත්තු කර ගෙන යනු ලබයි.

මෙම වැඩසටහන සඳහා ප්‍රදේශයේ මෙන්ම දිස්ත්‍රික්කයේ ද පළාතේද සියලූම දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බව ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කල අතර යාපනය නගරය හරිත නගරයක් කිරීමට සියලූ දෙනාගේ සහයෝගය ලබා දෙන මෙන්ද ඒ මහතා විසින් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න