Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

චමනි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාන්තා සංචිතයට

|Tue,15 May 2018 15.10|Special| Page Views :

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ චමනි සෙනවිරත්න එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාන්තා සංචිතයට නම් කර තිබෙනවා.

ඒ ලබන ජූනි මස නෙදර්ලන්තයේ ආරම්භ වන විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලිය සඳහායි. අබුඩාබි ක්‍රීඩාංගණයේ පැවති ඒ සඳහා වන පුහුණු සැසියක් සඳහා ඇය එක් වුණා.

ඇය අවසන් වරට ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායම නියෝජනය කළේ, 2013 වසරේදීයි. තුන් ඉරියව් ක්‍රීඩිකාවක් වන ඇය කලක් ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙසද කටයුතු කළා.

මීට අමතරව ඇය එක්දින තරඟ 80 කදී සහ පන්දුවාර විස්ස තරඟ 32 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙනවා. කාන්තා ටෙස්ට් තරඟයක අංක 8 පසුපෙළ ක්‍රීඩිකාවන් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාවට හිම්කම් කීමට ද චමනි සෙනවිරත්න සමත් වූවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න