Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ප්‍රමිතියෙන් යුතු වැලි උර වෙළඳපළට

|Wed,16 May 2018 09.58|Special| Page Views : 20

අලුත් පුවත්
සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සංඛේත වැඩ වර්ජනයක
අනුරුද්ධ පොල්ගම්පල අත්අඩංගුවට
අද මධ්‍යම රාත්‍රියේ සිට බස් රථ වර්ජනයක්
400කට ද්විත්ව පුරවැසිභාවය
නයිටිංගේල් සමරු ප්‍රණාම උළෙල පොළොන්නරුවේ දී
සංගක්කාර ආරාධනය බැහැර කරයි
චමනි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාන්තා සංචිතයට
යාපනය හරිත නගරයක් කරන්න යයි
 
වැලි මිල පාලනය කිරීම සඳහා හලන ලද ප්‍රමිතියෙන් යුතු වැලි උර වෙළඳපළට නිකුත් කිරීමට පියවර ගන්නා බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා පවසයි.

සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ කාර්යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන වැඩසටහනකට සහභාගී වෙමින්ය.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත කරන ලද විධිමත් සොයා බැලීමකින් අනතුරුව වැලි මිල පාලනය කිරීමේ අරමුණෙන් මෙම ක්‍රියාමාර්ගයට එළඹි බවයි.

ජාවාරම්කාර වැලි ව්‍යාපාරිකයින්ගෙන් ජනතාව මුදා ගැනීමට තම කාර්යාංශය ගත හැකි සෑම පියවරක්ම ඉදිරියේදී ගන්නා බව සභාපතිවරයා සඳහන් කළේය.

විශේෂයෙන් කුඩා ඉදිකිරීම් කටයුතු වලදී නාගරික ජනතාව වැලි සපයා ගැනීමේදී විශාල අර්බුදයකට මුහුණ දෙන බවත් මේ පිළිබඳව අවධානය යොමු කරමින් කිලෝ 50, 25 සහ 10 යන ප්‍රමාණ වලින් වැලි උර වෙළඳපළට නිකුත් කරන බවත් සමාජ සත්කාරයක්ලෙස ක්‍රියාවට නැඟෙන මෙම ව්‍යාපෘතිය තුළින් ආර්ථික ලාභයක් අපේක්ෂා නොකරන බවත් වැඩිදුරටත් කියා සිටියේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න