Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සීගිරියේ දෑස් අන්ඳ අලියා උඩවලව ඇත් අතුරු සෙවණට

|Wed,16 May 2018 10.20|Miscellaneous| Page Views : 14

අලුත් පුවත්
විශ‍්‍රාමික කලාකරුවන් අගය කෙරේ
ආහාර විෂ වීමෙන් භික්ෂුන් වහන්සේලා රෝහල් ගත කරයි
දකුණු කොරියාවට අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල කරමින් උතුරු කොරියාව ඉවත් වෙයි
ප්‍රමිතියෙන් යුතු වැලි උර වෙළඳපළට
සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සංඛේත වැඩ වර්ජනයක
අනුරුද්ධ පොල්ගම්පල අත්අඩංගුවට
අද මධ්‍යම රාත්‍රියේ සිට බස් රථ වර්ජනයක්
400කට ද්විත්ව පුරවැසිභාවය
 
වෙඩි වැදීමකින් හෝ අනතුරකින් ඇස්දෙක අන්ධව සීගිරිය අභය භූමියේ සහ ගම්මානවල නිරන්තරයෙන් සැරිසැරූ වන අලියා වනජීවී නිලධාරීන් විසින් අල්ලා උඩවලව ඇත් අතුරු සෙවණට රැගෙන යෑම සඳහා සූදානම් කොට තිබෙනවා.

ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරු මත සීගිරිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් මාස කිහිපයක් තිස්සේ මෙම ඇස් නොපෙනෙන අලියා පිළිබඳව නිරීක්ෂණය කොට මෙම අලියා ගේ ජීවිත අවදානම නිසා වනජීවි නිලධාරීන්ගේ මැදිහත්වීම මත මෙම අලියා සීගිරි අභය භූමියෙන් රැගෙන යෑමට දින 15රාත්‍රියේ අලියා නිර්වින්දනය කොට ගස් බැඳ බව සීගිරිය වනජීවී නිලධාරීන් පවසනවා.

දෑස් නොපෙනෙන නිසා මෙම අලියා මිනිසුන් වාසය කරන ප්‍රදේශවලට ගමන් කිරීම සහ ගස්වල හැපීම නිසා මෙන්ම මිනිසුන් විසින් වෙඩි තැබීම නිසා තුවාල රැසක් පවතින බව සීගිරිය වනජීවී නිලධාරීහු පවසන්නේ.

වයස අවුරුදු හතළිහක් පමණ වූ මෙම අලියා කාලයක සිට සීගිරිය ප්‍රදේශයේ සැරිසැරූ බව ප්‍රදේශවල ජනතාව පවසයි. එමෙන්ම මෙම අලියාගෙන් කිසිදු අයකුට කරදරයක් සිදු නොවුණු බව ද ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ නමක් පවසනවා.

ඇස් දෙක නොපෙනෙන මෙම වන අලියා අල්ලා ගස් බැඳ දමා තිබියදී බොහෝ දෙනෙකු අලියා බැලීම සඳහා එම ස්ථානයට දිව එන අයුරු සහ අලියා ආසන්නයට වී ඔහුට කෙහෙල් කොට ආහාරයට සඳහා ලබාදීම ද දැක ගැනීමට හැකියාව ලැබිණි.

වනජීවී දෙපාර්තමේන්තුවේ පසු වෛද්‍ය ඩී .එම් .ධර්මකීර්ති මහතා ඇතුළු කණ්ඩායමක් සීගිරිය ප්‍රදේශයේ රැකවල්ලා සිට නිර්වින්දනය කොට මෙම අලියා ගැට ගැසූ බව වනජීවී නිලධාරීහු පවසනවා. වන අලියා උඩවලව ඇත් අතුරු සෙවණට රැගෙන ගොස් ප්‍රතිකාර කිරීමට බලාපොරොත්තු වන බව වනජීවී නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කරනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න