Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නැවත පදිංචි කිරීමට අවසර ලබාදෙයි

|Wed,16 May 2018 12.55|Political| Page Views : 75

අලුත් පුවත්
ඉදිරියට ගමන් කරන්නෙමු
ජාතිවාදි අදහස්වලින් වැලකිය යුතුය
2019 සිට සියල්ලන්ටම උසස් පෙළ වරම්
හෙට පැය 11ක් ජලය කැපෙයි
වැසි තත්ත්වයේ වර්ධනයක්
අයර්ලන්ත මංගල ටෙස්ට් තරඟයේ සියලු තතු මෙන්න
සීගිරියේ දෑස් අන්ඳ අලියා උඩවලව ඇත් අතුරු සෙවණට
විශ‍්‍රාමික කලාකරුවන් අගය කෙරේ
 
පරිවර්තනය කලේ(සංකදි ‍24 වෙබ් අඩවිය)

ඉරණතිව් ජනතාව ඔවුන්ට අයත් ඉඩම්වල නැවත පදිංචි කිරීමට අවසර ලබාදී ඇති බව නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා හින්දු ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් බි.සුරේෂ් ප්‍රකාශ කර ඇත.

නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයේ ලේකම් බි.සුරේෂ්, ආරක්‍ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආර්.රාජපක්‍ෂ, නාවික හමුදාපති රියර් අද්මිරාල් එස්.එස්.රණසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් 2018.05.15 වන දින ඉරණතිව් ප්‍රදේශයේ සංචාරය කර ඇත.

ඔවුන් සමඟ කිළිනොච්චි දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමයිනායගම්, පූනගර් ප්‍රාදේශීය ලේකම් එස්.ක්‍රිෂ්නේන්ද්‍රන්, උතුරු පළාත් සභා මන්ත්‍රී වයි.තවනාදන් යනාදීන්ද ඉරණතිව් ප්‍රදේශයට ගොස් ඇත.

එම කණ්ඩායම ඉරණතිව් ප්‍රදේශයේ ජනතාව හමුවී සාකච්ඡා කල අවස්තාවේදී නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයේ ලේකම් බි.සුරේෂ් මේ බව ප්‍රකාශ කර ඇත.

“මිට පෙරම, එම ජනතාවගේ ඉඩම් හදුනාගෙන ඇත. ඒ අනුව පවුල් 190ක් නැවත පදිංචි කරනු ඇත. ඒ අතරම, නාවික හමුදාව ඉරණතිව් ප්‍රදේශයේ අක්කර 08ක භූමි ප්‍රමාණයක අඛණ්ඩව ස්ථානගතවී සිටිනු ඇත. ඔවුන් රටේ ආරක්‍ෂාව, මතද්‍රව්‍ය ජාවාරම වැලැක්වීම, ඉරණතිව් ජනතාවගේ ආරක්‍සාව වෙනුවෙන් නාවික හමුදාව එහි අඛණ්ඩව රැඳී සිටිනු ඇත” යනුවෙන් බි.සුරේෂ් ප්‍රකාශ කර ඇත.

ඒ අතරම, ඉරණතිව් ජනතාව වෙනුවෙන් මූලික පහසුකම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සලසා දෙනු ඇති බව කිළිනොච්චි දිස්ත්‍රික් ලේකම් අරුමෙයිනායගම් ප්‍රකාශ කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න