Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රටපුරා වෛද්‍යවරු අද වැඩ වරති

|Thu,17 May 2018 07.45|Security| Page Views : 10

අලුත් පුවත්
රට පුරා හෙට වෛද්‍ය වර්ජනයක්
ලංකාවේ තාරකා ඉතාලියේදී මිස් ඉතාලියා දිනයි
ලංගම සේවකයන්ගේ නිවාඩු අවලංගුයි
නැවත පදිංචි කිරීමට අවසර ලබාදෙයි
ඉදිරියට ගමන් කරන්නෙමු
ජාතිවාදි අදහස්වලින් වැලකිය යුතුය
2019 සිට සියල්ලන්ටම උසස් පෙළ වරම්
හෙට පැය 11ක් ජලය කැපෙයි
 
අද (17) පෙරවරු 08 සිට රට පුරා රෝහල්වල වෛද්‍යවරුන් වැඩවර්ජනයක නිරත වනවා. සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමට සහ ඉන්දියාව සමග අත්සන් තැබීමට යන එට්කා ගිවිසුමට විරෝධය පළ කිරීම සඳහායි මෙම වැඩවර්ජනය කැඳවා ඇත්තේ.

මේ, ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද කියා සිටියේ මෙම ගිවිසුම තුලින් රටේ ජනතාවට සිදුවන අගතිය වලක්වා ගැනීමට රජයට බලපෑම් කිරීම මෙම වැඩවර්ජනයේ මුලික අරමුණ බවයි.

සිය වැඩවර්ජනය සඳහා තවත් ක්ෂේත‍්‍ර ගණනාවක වෘත්තීය සමිතිද මේවනවිට සහය පළ කර ඇතැයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. මෙම වැඩවර්ජනය සඳහා ඉංජිනේරු, වාස්තු, රේගුව, බැංකු සහ දුම්රිය වෘත්තීය සමිති තමන් සමග සාකච්ජා කරමින් සිටින බවත් මෙම ගිවිසුම අකුලා නොගන්නේ නම් ඉදිරියේදී මෙම වෘත්තීය සමිති සමග එක්ව කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.

අද සිදු කෙරෙන වෛද්‍ය වැඩවර්ජනය හේතුවෙන් රෝහල්වල ප‍්‍රතිකාර සේවා අඩාල වනු ඇතැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. කෙසේවෙතත් අත්‍යාවශ්‍ය සහ හදිසි ප‍්‍රතිකාර තවදුරටත් සිදු කරන බවයි ඔවුන් අවධාරණය කළේ. ළමා රෝහල්, මාතෘ රෝහල්, හමුදා රෝහල්, පිළිකා රෝහල සහ වකුගඩු ප‍්‍රතිකාර ඒකකවල ද සේවා සාමාන්‍ය පරිදි සිදු කෙරෙනු ඇති.

මේ අතර වයඹ පළාත් සභාව යටතේ පාලනය වන සියලූ රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ද අද වැඩවර්ජනයක නිරත වනවා. හදිසියේ සිදු කෙරෙන ස්ථාන මාරු සඳහා විරෝධය පළ කරමින් මෙම වැඩවර්ජනය කැඳවා ඇති බවයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසන්නේ. කෙසේවෙතත් වයඹ පළාතේ පිහිටි එහෙත් මධ්‍යම රජයට අයත් රෝහල්වල වැඩවර්ජනය සිදු නොකරන බවද ඔවුන් කියා සිටියා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න