Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හැරී හා මේගන් යුගදිවියට

|Sat,19 May 2018 12.15|Gossip| Page Views : 31

අලුත් පුවත්
පොහොර අත්‍යාවශ්‍ය භාණ්ඩයක් කෙරෙයි
වෑන් රථය අඩි 80ක ප්‍රපාතයට පෙරලෙයි !
අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ දෙවන ජනහමුව
පාසලක වෙඩි තැබීමකින් 10ක් මරුට
උත්සවය නිසා විශේෂ රථ වාහන සැලැස්මක් !
බිරිඳගේ පිහි පහරින් සැමියා මරුට
 
බි‍්‍රතාන්‍යය රජ පවුලේ හැරී කුමරු සහ අමෙරිකාවේ මෙගන් මාකල් දෙදෙනා අද යුගදිවියට පිවිසෙන බව විදෙස් මාධ්‍ය අද (19) නිවේදනය කරයි.

ඩයනා කුමරියගේ සහ චාල්ස් කුමරුගේ දෙවන පුත‍්‍රයා වන හෙන්රි චාල්ස් ඇල්බර්ට් ඩේවිඩ් නොහොත් හැරී කුමරු මේ වන විට 33වන වියෙහි ද හැරී කුමරු සමග අතිනත ගන්නා මෙගන් මාකල් නැමැත්තිය 36 වන වියේ පසුවන්නියක් බවට වාර්තා වේ.

ලෝකයේම අවධානය දිනා ගත් මෙම දෙපළගේ විවාහ මංගල්‍යය අද පැවැත්වෙන්නේ බි‍්‍රතාන්‍ය වේලාවෙන් දහවල් 12ට පමණයි.

බි‍්‍රතාන්‍යයේ වින්ඞ්සර් නුවර පිහිටි සාන්ත ජෝර්ජ් චැපල් දේවස්ථානය ඒ සදහා සූදානම් කර ඇති අර දෙවන එලිසබෙත් රැජිණගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම විවාහ මංගල්‍ය සඳහා ආරාධිතයින් 800 ක් පමණ සහභාගී වීමට නියමිතයි.

මෙම රාජකීය විවාහ මංගල්‍යය සජීවි ලෙස ලොව පුරා විකාශය කිරීමටද සූදානම් කර ඇති බවට වාර්තා වේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න