Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දුම්රිය ධාවනයට තවමත් බාධා ...

|Wed,23 May 2018 10.30|Security| Page Views :

පුත්තලම දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද (23) දින සිදු වන්නේද කොටුව - ලුණුවිල දුම්රිය ස්ථාන අතර පමණක් බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරනවා.

නාත්තන්ඩිය - තුම්මෝදර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය හැමිල්ටන් ඇළ පිටාර ගැලීම හේතුවෙන් ජලයෙන් යටවී තිබීම ඊට හේතුවයි.

ඒ අනුව ලුණුවිල දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන කාර්යාල දුම්රියන් සාමාන්‍ය වේලාවට කොටුව දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිත බවද, කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන දුම්රිය ලුණුවිල දුම්රිය ස්ථානයෙන් ගමන් අවසන් කරන බවද දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර කොට්ටාව සහ හෝමාගම අතර දී දුම්රියක් පීලි පැනීමෙන් කැළණිවැලි මාර්ගයේ ධාවනයට බාධා එල්ල වුණා. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ මෙහිදී මැදිරි 3 ක් පිළිපැන ඇති බවයි. මේ දක්වා එක් මැදිරියක් පීලිගත කිරීමට හැකි වී නැහැ. ඒ අනුව කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් සිදුවන්නේ මහරගම සිට කොළඹ කොටුව දක්වා පමණයි. අද උදෑසන දුම්රිය 4 ක් මෙම මාර්ගයේ ධාවනය කිරීමටයි නියමිතව ඇත්තේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න