Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පුද්ගලයින් 27621ක් ආරක්ෂිත් ස්ථාන කරා

|Wed,23 May 2018 12.23|Security| Page Views :

දිවයිනේ පවතින ආපදා තත්වය මත පුද්ගලයින් 27621 දෙනෙක් ආරක්ෂිත ස්ථාන 194ක මේ වන විට රඳවා සිටින අතර පුද්ගලයින් 84943 දිවයිනේ දිස්ත්‍රික් 14ක සිදුවූ ආපදා තත්වය හේතුවෙන් දැනට පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසනවා. මේ වන විට මරණ 10ක් වාර්තා වන අතර අකුණු අනතුරු හේතුවෙන් සිදුවූ මරණ 4ක් ද මේ අතර වනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන මගින් නිකුත් කළ නිවේදනයට අනූව කළුතර, ගාල්ල, රත්නපුර, නුවරඑළිය හා කෑගල්ල තවදුරටත් නාය අවදානම් පිළිබඳ නිවේදනයක් නිකුතර කර ඇති අතර නායයාම් ලක්ෂන දුටු වහාම එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ජනතාවට දැනුම් දෙනවා.

දැදුරුඔය, ලක්ෂපාන, උඩවලව, කුකුළේ ගඟ හා වාන් දොරටු විවර කර තිබෙන බවයි, එම මධ්‍යස්ථානය පවසන්නේ.

කැලණිගගේ පහත ප්‍රදේශයත්, කළු ගගේ පහත ප්‍රදේශයහා රත්නපුර දිස්ත්‍රික්කේය ස්ථාන කිහිපයක්. ගිංගගේ බද්දේම ප්‍රදේශයත්, නිල්වලා පානදුගම - අත්තනගලු ඔයේ දූනමලේ ප්‍රදේහයේ තවදුරටත් ගංවතුර තත්වයක් පවතින අතර ආගන්තුක උල්පත් මතුවීම්, පොළෙවේ ඉරිතැලීම්,ගස ඇලවීම් වැනි වෙනස්වීම් පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ජනතාවට දැනුම් දෙනවා. මෙම තත්වය මත ගංවතුර නැරඹීමට නොයන ලෙස ජනතාවට දැනුම් දෙනවා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න