Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඩුබායි සිට මෙහෙයවන කුඩු ජාවාරම ලංකාවේදී එළියට !

|Wed,23 May 2018 12.42|Security| Page Views : 26

අලුත් පුවත්
පුද්ගලයින් 27621ක් ආරක්ෂිත් ස්ථාන කරා
දුම්රිය ධාවනයට තවමත් බාධා ...
අද රාත්‍රියේ සිට වර්ෂාවේ වැඩි වීමක්
ගංගාවල ජල මට්ටම ක්‍රමයෙන් පහළට
හෙරොයින් සමග අත්අඩංගුවට !
වෙනස් වුණ බස් ගාස්තු මෙන්න - අධිවේගි බස් ගාස්තුත් වැඩි වෙයි ..
 
සීගිරිය - ඉනාමලුව ප්‍රදේශයේ දී මත්කුඩු සමග සිව් දෙනෙකු දඹුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගැනුණා.

ඒ අතර ඩුබායි සිට මත්කුඩු අලෙවිකරණ ජාවාරම්කරුවකුගේ නියෝජිතයන් තිදෙනකු සහ නියෝජිතවරියක වනවා. මොවුන් සතුව තිබී මිලිග්‍රෑම් 2240 ක ප්‍රමාණයක් සොයා ගැනුණා.

මෙසේ අත්අඩංගුවට ගත් කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළි වී ඇත්තේ තම සැමියා හෙරොයින් ජාවාරම සඳහා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබෙන බවත් බන්ධනාගාරයේ සිටින තම සැමියා බැලීම සඳහා යන අවස්ථාවකදී රන්මාල කොල්ලකෑමකට සම්බන්ධ සැකකරුවෙකු හඳුනාගෙන ඔහුට ඇප ලබාදී ඔහු සමග සිගිරිය ඉනාමළුව ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ගෙන ගිය බවයි.

අනිත් සැකකරුවන් දෙදෙනා ද හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා යොදවා ගත් බව ද ඇය පොලිසියට ප්‍රකාශ කොට තිබෙනවා.

අන්තර්ජාලයේ ජංගම දුරකතනයේ ඉමෝ තාක්ෂණය හරහා ඩුබායි සිටින පුද්ගලයකු විසින් මුදල් ලබාදීමෙන් පසු හෙරොයින් මත්ද්‍රව්‍ය දඹුල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක සගවා ඇයට නැවතත් එම තාක්ෂණය හරහා පණිවුඩය ලැබුණු විගස එම ස්ථානයෙන් මත්ද්‍රව්‍ය ලබාගෙන ත්‍රීරෝද රථයෙන් ගමන් කරමින් මත්කුඩු අලෙවි කිරීමේ ජාවාරම සිදු කරගෙන යන බව පොලිස් පරීක්ෂණවල දී හෙළි වුණා.

ඩුබායි සිට මත්කුඩු ජාවාරමක් දඹුල්ලේ මෙහෙයවන බවට ප්‍රථම වතාවට තොරතුරු හෙළිවීම විශේෂත්වයක් බව ද පොලිස් නිලධාරීන් ප්‍රකාශ කරනවා. සැකකරුවන් දඹුල්ල අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න