Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විදේශගත ශ්‍රමිකයින්ට රුපියල් කෝටි හයක රක්ෂණ වන්දියක්

|Wed,23 May 2018 13.34|Security| Page Views : 11

අලුත් පුවත්
විදුලිසැර වැදීමෙන් පියෙකු හා පුතෙකු මරුට
විදුලි ඉංජිනේරු සංගමය වැඩ වර්ජනය තාවකාලිකව නවතයි !
කඩුවෙල පාලම ගිලාබැසීමේ අවදානමකට
ඩුබායි සිට මෙහෙයවන කුඩු ජාවාරම ලංකාවේදී එළියට !
පුද්ගලයින් 27621ක් ආරක්ෂිත් ස්ථාන කරා
දුම්රිය ධාවනයට තවමත් බාධා ...
අද රාත්‍රියේ සිට වර්ෂාවේ වැඩි වීමක්
 
විදේශගත ශ්‍රමිකයින් සඳහා ලබාදෙන රක්ෂණ වන්දි පහසුකම් යටතේ මෙම වසරේ පළමු මාස හතර තුළදී රුපියල් කෝටි හයක වන්දි මුදල් ප්‍රදානය කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඒ අනුව හදිසි අනතුරු සහ රෝගී තත්ත්වයන් නිසා මරණයට පත්වූ විගමණික ශ්‍රමිකයින් සඳහා රුපියල් මිලියන 34.41ක වන්දි මුදලක් ප්‍රදානය කර ඇත. විදෙස් රටක සේවය කරමින් සිටියදී හෝ සේවය කරන අතරවාරයේදී අසනීප තත්වයක් මත මෙරටට පැමිණ මාස තුනක් ඇතුළත මිය ගිය අය සඳහා මෙම වන්දි මුදල ප්‍රදානය කර තිබෙන බව කාර්යාංශය සඳහන් කරයි.

විවිධ රෝගාබාධයන්ට සහ හිංසාවන්ට ලක්වූ පුද්ගලයින් 623 දෙනෙක් සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රක්ෂණය යටතේ රුපියල් මිලියන 25.58ක මුදලක් ලබාදී ඇත. වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා මෙම මුදල ලබාදී තිබේ.

පසුගිය වසර දෙකේදී රක්ෂණ වන්දි ලෙස රුපියල් මිලියන 292.88ක මුදල් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් ලබාදී ඇත. 2016 වසරේදී හදිසි අනතුරු හා රෝගාබාධ නිසා මරණයට පත්වූ සහ රෝගී තත්ත්වයන් මත ප්‍රතිකාර ලබන විදේශගත ශ්‍රමිකයින් සඳහා රුපියල් මිලියන 180.89ක මුදලක් ලබාදී ඇත. 2017 වසරේදී ලබාදී ඇති මුදල රුපියල් මිලියන 111.99කි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සඳහා පිටත්ව යන සියලුම ශ්‍රමිකයින් සඳහා රක්ෂණ ක්‍රමයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් හඳුන්වාදී ඇත.

විදේශ ගත ශ්‍රමිකයින්ගේ සුරක්ෂිතභාවය සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංවී විදේශ ගතවන්නැයි විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඉල්ලා සිටී

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න