Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දේශපාලන විසඳුමක් ලැබෙනු ඇත ..

|Wed,23 May 2018 13.45|Political| Page Views : 44

අලුත් පුවත්
විදේශගත ශ්‍රමිකයින්ට රුපියල් කෝටි හයක රක්ෂණ වන්දියක්
විදුලිසැර වැදීමෙන් පියෙකු හා පුතෙකු මරුට
විදුලි ඉංජිනේරු සංගමය වැඩ වර්ජනය තාවකාලිකව නවතයි !
කඩුවෙල පාලම ගිලාබැසීමේ අවදානමකට
ඩුබායි සිට මෙහෙයවන කුඩු ජාවාරම ලංකාවේදී එළියට !
පුද්ගලයින් 27621ක් ආරක්ෂිත් ස්ථාන කරා
දුම්රිය ධාවනයට තවමත් බාධා ...
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“දෙමළ ජනතාව සඳහා වන දේශපාලන විසඳුම වත්මන් රජයේ පාලන කාලයේදී ලැබෙනු ඇතැයි යන විශ්වාසය මා හට ඇත” යනුවෙන් ජාතික සංහිඳියාව, සහජිවන හා රාජ්‍ය භාෂා කටයුතු අමාත්‍ය මනෝගනේෂන් ප්‍රකාශ කර ඇත.

2018.05.21 වන දින මඩකලපුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වී අදහස් දැක්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“2018.05.23 වන දින හෝ ඉදිරි සතියේදී හෝ ඉදිරි වර්ෂයේදී යම් දිනක යහපතක් සිදුවනු ඇතැයි යන විශ්වාසය මා හට ඇත. මෙරටේ ජනවාර්ගික ගැටළුව විසදෙනු ඇතැයි යන්න විශ්වාස කරන්නෙමු. එම සිහිනය යම් දිනෙක සැබෑවනු ඇත. විදේශීය විනිසුරුවරු ගෙනවිත් යුද අපරාධ පරීක්‍ෂණ පැවැත්විය යුතු අවශ්‍යතාවයක් නොමැති බව මා කිසිඳු අවස්ථාවක ප්‍රකාශ කර නොමැත. ඇතැම් පුද්ගලයින් මා දැක්වූ අදහස් වැරදි ලෙස තේරුම් ගෙන ඇත. එම පුද්ගලයින් මාගේ අදහස් වෙනස්කර, ජනතාව මධ්‍යයේ අසත්‍ය ප්‍රචාරය කරමින් සිටියි.

මා ප්‍රදේශයෙන් ප්‍රදේශයට, භාෂාවෙන් භාෂාවට මාරුවෙන් මාරුවට කතා කරන පුද්ගලයෙකු නොවේ. 1988 සහ 1989 වර්ෂවලදී දකුණේ තරුණයින් විශාල පිරිසක් ඝාතනය කළ අවස්ථාවේදී, එම ඝාතනයට එරෙහිව මහින්ද රාජපක්‍ෂ, වාසුදේව නානායක්කාර යනාදීන් ප්‍රථම වතාවට ජිනිවා දක්වා ගොස් හඬනගන ලදි. එදා මා එය නිවැරදි බව ප්‍රකාශ කළෙමි. මෙරටේ‍ දෙමළ ජනතාවගේ ගැටළුවට සිංහල රජයෙන් විසඳුමක් ලැබෙනු ඇතැයි යන විශ්වාසය බිඳවැටීම හේතුවෙන්, එදා එම ගැටළුව ජාත්‍යන්තර ප්‍රජාව වෙත ගෙන ගියෙමු. ඒ ආකාරයෙන්ම, වත්මන් යහපාලන රජය පිළිබඳව දෙමළ ජනතාව තබා තිබු විශ්වාසය බිඳ වැටීම හේතුවෙන්, දෙමළ ජනතාවගේ ගැටළුව ජීනිවා දක්වා ගෙන ගොස් ඇත. එබැවින්, මෙම ගැටළුව ජීනිවා දක්වා ගෙන නොයන මෙන් ප්‍රකාශ කරන්නේ නම්, මෙරට තුල එම ගැටළුවට යුක්තිය ඉටුකර දිය යුතු බව මා ප්‍රකාශ කළෙමි.

‍උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළ යුතු බව මාගේ පෞද්ගලික අදහසකි. එම ඉල්ලීමට නැගෙනහිර පළාතේ ජීවත්වන ජනතාවද සහයෝගය ලබාදිය යුතුය. නමුත්, නැගෙනහිර පළාතේ දෙමළ, මුස්ලිම් සහ සිංහල ජනතාව සමානව ජීවත්වෙමින් සිටියි. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමට නැගෙනහිර පළාතේ ජීවත්වන ජනතාව මධ්‍යයේ සහයෝගයක් තිබෙනවාද? නැද්ද? යන්න සොයාබැලිය යුතුය.

ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතුය. ජනවර්ග අතර මතභේද සහ බෙදුම්වාදය ඇතිකරන අන්දමේ කටයුතුවලට ඉඩ ලබානොදෙන්නෙමු” යනුවෙන් අමාත්‍ය මනෝගනේෂන් ප්‍රකාශ කර ඇත

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න