Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගංගාවල ජල මට්ටම් යළිත් වැඩිවීමක් - අවධානයෙන් සිටින්න ...

|Thu, 24 May 2018 12.15|Security| Page Views : 13

අලුත් පුවත්
අම්පාරේ වන අලියෙක් මිය යයි
ගිං ඔයට පැන්න පාසල් සිසුවාගේ සිරුර හමුවෙයි
බද්දේගම ප්‍රදේශයේ ජල මට්ටම යලි වැඩිවිමේ තත්ත්වයක් ...
කැළණි ගගේ ජල මට්ටම නාගලගම්වීදියෙන් තවමත් වෙනස් නොවේ ...
අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 12 ක් මරුට ..
දක්ෂිණ අධිවේගී මාර්ගයේ තත්ත්වය මෙන්න ...
ආපදාවක් ඇත්නම් 1902ට ඇමතුමක් දෙන්න
දකුණු ආසියාවේ හොඳම රට ශ්‍රී ලංකාව !
 
මේ වන විට කළු ගඟේ ගංවතුර තත්ත්වය අවධානම් මට්ටමකට පැමිණි ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්ත උපුටා දක්වමින් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පෙන්වා දෙනවා.

ඊයේ (23) දිනයේ පටන් අඛණ්ඩව රත්නපුරේ සිට පහළ කළුතර සීමාව දක්වා බොහෝ ස්ථානවල ජනතාව ඉවත් කිරීමේ කටයුතු සිදු කරනු ලැබුවා.

ගංගා ආශ්‍රිත තත්ත්වයේ යම් අඩුවීමක් කැළණි ගගෙන් පෙන්නුම් කළත් කළු ගගේ වැඩිවීමකුත් ගිං ගගේ බද්දේගම ප්‍රදේශයෙන් වැඩිවීමකුත් නිල්වලා ගගේ පානදුගම ප්‍රදේශයේ වැඩිවීමකුත් අත්තනගලු ඔයේ දූනමලේ ප්‍රදේශයේ වැඩිවීමකුත් පෙන්නුම් කරන බවයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ.

තවදුරටත් වැසි සහිත තත්ත්වයන් අද (24) දිනයේදීත් බලාපොරොත්තුවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද පෙන්වා දී ඇත්තේ. වාරි ප්‍රදෙස්වල ජීවත් වෙන ජනතාවද වර්ෂාව පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවයි වැඩි දුරටත් සඳහන් කෙරුණේ.

දිවයිනට බස්නාහිර, නිරිත සහ උතුරු දෙසින් පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතීන් හේතුවෙන්, ගාල්ල සිට කොළඹ, මන්නරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා ‍වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද පෙන්වා දෙනවා.

සුළගේ වේගල පැයට කිලෝමීටර් 70ත් 80ත් අතර විය හැකි බැවින් ධීවරයින්, නාවිකයින් සහ වෙරළ ආශ්‍රිතව ජීවත්වෙන පිරිස් අවධානයෙන් පසුවිය යුතු බවයි පෙන්වා දෙන්නේ.

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක සිදු වූ අධික වැසි සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 124733ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා මරණ 12 වාර්තා වී ඇති අතර ආරක්ෂිත සහන කඳවුරු 246 ක පුද්ගලයින් 56472 රැඳී සිටිනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න