Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විදෙස් දුම්වැටි තොගයක් සමඟ අයෙකු දැලේ

|Thu, 24 May 2018 12:28|Miscellaneous| Page Views :

නීතිවිරෝධී ලෙස කුවේටයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ එක් පුද්ගලයකු අද(24) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.

මොහු කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙකි.

ඔහු අද අලුයම 1.10 ට පමණ කුවේට් සිට පැමිණි කුවේට් ගුවන් සේවයේ කේ.යූ.- 361 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මෙම පුද්ගලයා විසින් රුපියල් ලක්ෂ 15 ක් වටිනා විදේශීය නිෂ්පාදිත ගෝල්ඩ් ලීෆ් වර්ගයේ දුම්වැටි 30,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 150 ක් තම ගමන් මල්ලේ සඟවා ගෙන පැමිණ තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙම අත් අඩංගුවට ගැනීම රේගු අධිකාරී ඒ.එන්.ජේම්ස් සහ සහකාර රේගු අධිකාරී ඒ.ඒ.ටී.සී.කේ.ගුණතිලක යන මහත්වරුන් විසින් සිදු කර තිබුණි.

කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්.ජාබීර් මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන විපුල මිනුවන්පිටිය සහ ප්‍රසන්න කිරිවත්තුඩුව යන මහත්වරුන් විසින් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වූ අතර, එහිදී මෙම දුම්වැටි තොගය රාජසන්තක කර, මෙම පුද්ගලයාට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න