Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අගමැති අද උතුරේ සංචාරයක .

|Mon, 28 May 2018 07:45|Political| Page Views :

උතුරු පළාතේ ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28) යාපනය සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවල සංචාරයක නිරත වීමට නියමිතය.

වත්මන් රජය බලයට පත්විමෙන් අනතුරුව උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් නැවත පදිංචි කිරිම්, නිවාස ඉදිකිරිම්, ඉඩම් මුදාහැරීම්, රැකියා සහ යටිතල පහසුකම් සැපයීම් ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කර තිබේ.

මෙම සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීම සහ ඒවායේ පවතින අඩුපාඩු සමාලෝචනයට භාජනය කිරිම් අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණයි.

ඒ අනුව අද පෙරවරුවේ යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වන අග්‍රාමාත්‍යවරයා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වෙන සාකච්ඡාවකට ද සහභාගී වනු ඇත.

ඉන් අනතුරුව අද පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිලිනොච්චිය ප්‍රදේශයේ සිදු කරන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය නිරික්ෂණය කරන අතර පසුව කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැතිවෙන සාකච්ඡාවකට එක්විමට නියමිතය.

මෙම සාකච්ඡා සඳහා මධ්‍යම ආණ්ඩුවේ මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, රජයේ නියෝජිතයින් සහ රාජ්‍ය නිළධාරින් එක්වනු ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න