Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

යාපනයෙන් මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු අතුරුදහන් ...

|Mon, 28 May 2018 08:00|Security| Page Views :

යාපනය,නාවන්තුරෙයි ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු අතුරුදහන්ව ඇති බව යාපනය ධීවර පරීක්ෂක කාර්යාල සහකාර අධ්‍යක්ෂක එස්.ශිවකරන් මහතා පවසයි.

ශිවකරන් මහතා පැවසූවේ පෙරේදා (26) යාපනය කුරිකට්ටුවාන් ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් පිරිසක් ඊයේ(27) රාත්‍රිය තෙක් නොපැමිණ ඇති බවයි.

අදාළ ධීවරයින් පෙරේදා සවස ධීවර බෝට්ටුවේ කාර්මිය දෝෂයක් හටගෙන ඇති බව පවසා ඇති අතර, අනතුරුව කිසිඳු සම්බන්ධතාවයක් නොමැති බවට අදාළ ධීවරයින්ගේ ඥාතීන් පවසා ඇත.

අතුරුදහන් ධීවරයින් සොයා ධීවර පරීක්ෂක නිළධාරීන්, නාවික නිළධාරීන් හා පොලිස් නිළධාරීන් පරීක්ෂණ මෙහෙයවන බවද යාපනය ධීවර පරීක්ෂක කාර්යාල නිළධාරීන් පැවසීය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න