Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලක්ෂ 13ක රත්‍රං රේගු බාරයට

|Mon, 28 May 2018 09:48|Miscellaneous| Page Views : 11

අලුත් පුවත්
ගංවතුරෙන් හානි වූ නිවාස හා දේපළ වටිනාකම තක්සේරු කිරීම් අරඹයි ..
බස්වල ඉතිරි මුදල් දෙන්නේ නැත්නම් මේ අංකයට කියන්න ..
ශ්‍රී ලන්කන් ගුවන් යානය අනපේක්ෂිත අනතුරකට - නියමුවාගේ දක්ෂතාවයෙන් බේරේ
ජල සම්පාදන මණ්ඩල සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගයක ..
යාපනයෙන් මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු අතුරුදහන් ...
අගමැති අද උතුරේ සංචාරයක .
කොළඹ කුණුවලින් දස ලක්ෂ 300ක ආදායමක් ...
අධික වැස්සෙන් ලුණුවලට වෙච්ච දේ
 
රත්තරන් කැබලි තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .

මොහු කොළඹ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙකි.

ඔහු ඊයේ(27) සවස 5.00 ට පමණ ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි.- 274 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි වෙත යෑමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔහු විසින් ගෙන ආ ගමන් මල්ලේ එල්ලා ගෙන යන අත් කොටසේ (Haddle)රන් බිස්කට් 03 ක් සහ තවත් කුඩා රන් කැබලි 03ක් සඟවා ගෙන සිටින බව ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් සිදු කළ ස්කෑන් පරීක්ෂණවලදී අනාවරණය කර ගෙන තිබුණි.

පසුව ඔවුන් මෙම මගියා සහ ඔහු රැගෙන ආ ගමන් මල්ල වැඩිදුර පරීක්ෂණ සඳහා ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබේ.

එහිදී ග්‍රෑම් 225 ක් බර රත්තරන් මෙම කැබලි තුළ ඇති බවත්, ඒවායේ මුළු වටිනාකම රුපියල් 13,46,100 ක් බවත් රේගු නිලධාරීන් තක්සේරු කර ති.

සහකාර රේගු අධිකාරී රජීව් රණසිංහ මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කළ අතර , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සී.පෙරීපනායගම් මහතා මේ පිළිබඳ වැඩිදුර රේගු පරීක්ෂණය පවත්වා තිබුණි.

එහිදී මෙම රත්තරන් කැබලි තොගය රාජසන්තක කර , මෙම ගුවන් මගියාට රුපියල් 2,50,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න