Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

උතුරු නැගෙනහිර හෙද හිඟයට විසදුමක් ...

|Mon, 28 May 2018 10:00|Special| Page Views : 24

අලුත් පුවත්
ලක්ෂ 13ක රත්‍රං රේගු බාරයට
ගංවතුරෙන් හානි වූ නිවාස හා දේපළ වටිනාකම තක්සේරු කිරීම් අරඹයි ..
බස්වල ඉතිරි මුදල් දෙන්නේ නැත්නම් මේ අංකයට කියන්න ..
ශ්‍රී ලන්කන් ගුවන් යානය අනපේක්ෂිත අනතුරකට - නියමුවාගේ දක්ෂතාවයෙන් බේරේ
ජල සම්පාදන මණ්ඩල සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගයක ..
යාපනයෙන් මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු අතුරුදහන් ...
අගමැති අද උතුරේ සංචාරයක .
කොළඹ කුණුවලින් දස ලක්ෂ 300ක ආදායමක් ...
 
උතුරු නැගෙනහිර රෝහල්වල පවතින හෙද හිගය මගහැරවීම සදහා උසස් පෙළ විභාගය ඕනෑම විෂය ධාරාවකින් සමතුන් හෙද සේවයට එම පළාත් දෙකෙන් පමණක් බදවා ගැනීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.

ඒ අනුව 2015/2016/2017 වසර වල උසස් පෙළ විභාගයට ඕනෑම විෂය ධාරාවකින් පෙනී සිට සුදුසුකම් ලත් අයට හෙද සේවාව සදහා ඉදිරියේ දී අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය. මෙම තීරණය කොළඹ දිස්ත්‍රික්කයට ද බලපාන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

මෙම තීරණයට අමාත්‍ය මණ්ඩලයේ සහ රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අනුමැතිය ද හිමිව ඇත. උතුරු නැගෙනහිර පළාත් වලින් හෙද සේවාවට බදවා ගැනීමේ දී ලැබෙන ඉල්ලුම් පත් සංඛ්‍යාව අවම වීම සහ එම පළාත් වලට පත්වීම් ලබන හෙද හෙදියන් මුහුණ දී ඇති ගැටලු දෙස අවධානය යොමු කරමින් මෙම පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

තවද මේ පිළිබදව උතුරු නැගෙනහිර මහජන නියෝජිතයින් ද සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කර ඇත.

දැනට දිවයින පුරා හෙද හෙදියන් 31000 කට ආසන්න සංඛ්‍යාවක් සේවය කරන අතර, දැනට රෝහල්වල පවතින පුරප්පාඩු සංඛ්‍යාව 7000 කට අධික බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න