Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අයිතීන් වැළැක්වීමේ බලය කිසිවෙකුටත් නොමැත ..

|Mon, 28 May 2018 10:05|Political| Page Views : 63

අලුත් පුවත්
උතුරු නැගෙනහිර හෙද හිඟයට විසදුමක් ...
ලක්ෂ 13ක රත්‍රං රේගු බාරයට
ගංවතුරෙන් හානි වූ නිවාස හා දේපළ වටිනාකම තක්සේරු කිරීම් අරඹයි ..
බස්වල ඉතිරි මුදල් දෙන්නේ නැත්නම් මේ අංකයට කියන්න ..
ශ්‍රී ලන්කන් ගුවන් යානය අනපේක්ෂිත අනතුරකට - නියමුවාගේ දක්ෂතාවයෙන් බේරේ
ජල සම්පාදන මණ්ඩල සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගයක ..
යාපනයෙන් මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු අතුරුදහන් ...
අගමැති අද උතුරේ සංචාරයක .
 
පරිවර්තනය කලේ(සෙයිදි වෙබ් අඩවිය)

“උතුරු පළාතට සම්බන්ධ කරුණු පිළිබඳව තීරණ ගැනීමේ අයිතිය අපට ඇත. එය වැළැක්වීමේ අයිතිය කිසිවෙකුටත් නොමැත” යනුවෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් ප්‍රකාශ කර ඇත.

මුල්ලිවායික්කාල් අනුස්මරණ දිනයේදී, උතුරු පළාත් සභාවේ ධජය එසවීම සම්බන්ධයෙන් දකුණේ දේශපාලඥයින් මතභේදාත්මක අදහස් දක්වමින් සිටියි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු අවස්ථාවේදී ප්‍රධාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

“උතුරු පළාතේ සිදුකල කටයුතු සම්බන්ධයෙන් අප වගකියන්නෙමු. එය අනෙකුත් පුද්ගලයින් අප වෙත ප්‍රකාශ කිරීමට අවශ්‍යතාවයක් නොමැත. අපට ඇති බලතල අවම කර ඇත. දැනට අපට ඉතිරිව ඇතිඑම බලතල අවම කිරීමට දකුණේ දේශපාලඥයින් උත්සහ කරනවාද? යන්න පිළීබඳව සැකයක් මතුවී ඇත. ඔවුන් කුමන ආකාරයෙන් අදහස් දැක්වූවත් අපට ගැටළුවක් නොමැත. අතුරු පළාතේ සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය අපට ඇත. එය වැළැක්වීමේ අයිතිය කිසිවෙකුටත් නොමැත. ඒ අතරම, මුල්ලිවායික්කාල් අනුස්මරණ දිනයේදී මතභේදාත්මක සිදුවීම් සිදුවී ඇත. නමුත්, 2019 වර්ෂය මුල්ලිවායික්කාල් දෙමළ ජාති ඝාතනයේ 10 වන අනුස්මරණ වසර වන බැවින්, සියළු ජනතාව ඒකාබද්ධවී අනුස්මරණ වැඩසටහනන පැවැත්වීමට හැකි අන්දමින් දැන් සිටම ඒ සඳහා වන මූලික කටයුතු ක්‍රියාත්මක කර ඇත්තෙමු. පසුගිය අනුස්මරණ වැඩසටහනේ බොහෝ අඩුපාඩුකම් තිබුණි. නමුත්, ඉදිරි වසරවලදී පැවැත්වීමට නියමිත අනුස්මරණ වැඩසටහන්වල එවැනි අඩුපාඩුකම් සම්පූර්ණ කරනු ඇත.

කිළිනොච්චි හැටන් නැෂනල් බැංකුවේ සේවකයින් දෙදෙනෙකු ඉවත්කිරීමේ ගැටළුව සම්බන්ධයෙන්ද මා සොයා බැලුවෙමි. එම බැංකුවට ආවේනිකවු කොන්දේසි ඇති බවත්, එම කොන්දේසිවලට අනුව, අදාළ සේවකයින් දෙදෙනාට එරෙහිව ක්‍රියාමාර්ග ගත් බව අදාළ නිලධාරීන් ප්‍රකාශ කරන ලදි. මුල්ලිවායික්කාල් අනුස්මරණ වැඩසටහනේ සිදුවූ අඩුපාඩුකම් සම්බන්ධයෙන් අප සාකච්ඡා කරමින සිටින්නෙමු. එම සාකච්ඡාවට අනුව ඇතැම් තීරණ ගන්නෙමු” යනුවෙන් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න