Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ව්‍යවස්ථාවක් නුදුරේදීම සකස් කරනු ඇත ...

|Mon, 28 May 2018 10:50|Security| Page Views : 40

අලුත් පුවත්
ඉන්දීය රජය ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කළ යුතුය ...
අයිතීන් වැළැක්වීමේ බලය කිසිවෙකුටත් නොමැත ..
උතුරු නැගෙනහිර හෙද හිඟයට විසදුමක් ...
ලක්ෂ 13ක රත්‍රං රේගු බාරයට
ගංවතුරෙන් හානි වූ නිවාස හා දේපළ වටිනාකම තක්සේරු කිරීම් අරඹයි ..
බස්වල ඉතිරි මුදල් දෙන්නේ නැත්නම් මේ අංකයට කියන්න ..
ශ්‍රී ලන්කන් ගුවන් යානය අනපේක්ෂිත අනතුරකට - නියමුවාගේ දක්ෂතාවයෙන් බේරේ
ජල සම්පාදන මණ්ඩල සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගයක ..
 
පරිවර්තනය කලේ(ආදව්න නිව්ස් වෙබ් අඩවිය)

දෙමළ ජනතා සංසදය සඳහා වන ව්‍යවස්ථාවක් නුදුරේදීම සකස් කිරීමට නියමිත අතර, එයට තරුණ තරුණියන් ඇතැලත්කරගැනීම සඳහා වන ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත්තෙමු” යනුවෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් ප්‍රකාශ කර ඇත.

දෙමළ ජනතා සංසදයේ සාකච්ඡාවක් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් 2018.05.26 වන දින යාපනය මහජන පුස්ථකාලයේ ශ්‍රවණාගාරයේදී පවත්වා ඇත. එම සාකච්ඡාවෙන් අනතුරුව, මාධ්‍යට අදහස් දැක්වු අවස්තාවේදී ප්‍රධාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

“අපගේ කටයුතුවලට විසඳුමක් ලෙස තරුණ තරුණියන් එක්කරගත යුතුය යන අදහස අප මීට පෙරම පිලිගෙන ඇත්තෙමු. ඒ සඳහා වන කටයුතු සම්බන්ධයෙන් අප සාකච්ඡා කළෙමු. දෙමළ ජනතා සංසදය සඳහා වන ව්‍යවස්ථාවක් මේ දක්වා සකස්කර නොමැත. එම ව්‍යවස්ථාව සකස්කිරීම සඳහා වන කටයුතු ආරම්භ කල යුතු බව දෙමළ ජනතා සංසදයේ නියෝජිතයින් අඛණ්ඩව අවධාරණය කරමින් සිටියි. ව්‍යවස්ථාවක් සකස්කිරීමට කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නෙමු.

මෙම සාකච්ඡාවට නැගෙනහිර පළාත නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගිවිය. නැගෙනහිර පළාතේ ඇති බොහෝ ගැටළු ඔවුන් මෙම සාකච්ඡාවේදී පැහැදිලි කරන ලදි. ඒ අනුව, ඒ සම්බන්ධයෙන් නැගෙනහිර පළාතේ නියෝජිතයින් සමඟ සාකච්ඡා කර විසඳුම් දැකීමට මෙහිදි අප තිරණයක් ගත්තෙමු. දේශපාලනික වශයෙන් අපගේ තරුණයින් අතරට ගෙන යා යුත්තේ කිනම් කරුණුද? යන්න සම්බන්ධයෙන් අපට සැළැස්මක් ඇත.

කාලයෙන් කාලයට දෙමළ දේශපාලන පක්‍ෂවල මැතිවරණ ප්‍රතිපත්ථි ප්‍රකාශණවල උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරිම සහ ස්වයංපාලනය යනාදී කරුණු පමණක් සඳහන් කරමින් සිටියි. එබැවින්, එහි වැදගත් කම මහජනතාවට සහ තරුණ තරුණියන් වෙත පැහැදිලිකල යුතුව ඇත” යනුවෙන් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න