Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අකුණු සහ වැසි හේතුවෙන් 48 දෙනෙක් මරුට

|Wed, 30 May 2018 10:08|Security| Page Views : 30

අලුත් පුවත්
බටහිර ඉන්දීය කොදෙව්-ශ්‍රී ලංකාව පුහුණු තරගය අද
පුරාවස්තු හෑරූ කත ඇතුළු සැකකරුවන් 3ක් කොටු වෙයි
ලෝක කි‍්‍රකට් පිලේ නායකත්වයේ වෙනසක්
ලංගම සීරුවෙන් - සේවකයින්ගේ නිවාඩුත් සීමා කෙරේ ..
ජල සේවකයින් උදෑසන සිට වර්ජනයක
තෙල් ටැංකි ප‍්‍රවාහන රියදුරන් වර්ජනයකට සැරසෙයි
වසා දැමුණු පාසල් අද යළි ඇරෙයි ...
හානි වුණ ලිපි ලේඛන නැවත ලබා ගන්න නීතිඥ සංගමයේ සහය ..
 
අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය ස්ථාපිත වීමත් සමග ඉන්දියාවට බලපෑ හදිසි කාලගුණික විපර්යාසය හේතුවෙන් පසුගිය පැය 48 ඇතුලත පුද්ගලයින් 48 දෙනෙකු මිය ගොස් ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරනවා.

මින් පුද්ගලයින් 16 දෙනෙකුම මිය ගොස් ඇත්තේ ඉන්දියාවේ, උත්තර් ප්‍රදේශයෙනි. බිහාර් ප්‍රාන්තයෙන් මරණ 19ක් වාර්තා වූ අතර ඉන් මරණ 11ක් අකුණු සැර වැදීමෙන් වූ අතර ඉතිරි පුදගලයින් 8 දෙනා අධික සුළං හේතුවෙන් ඇතිවූ විපත් නිසා මරණයට පත්ව තිබෙනවා.

අකුණු සැර වැදීම්, අධික සුළං සහ වැසි හේතුවෙන් ගස් කඩා වැටීම, බිත්ති පෙරලීම් වැනි සිදුවීම් වලින් පුද්ගලයින් මියගොස් ඇති බවයි වාර්තා වුනේ.

පසුගිය අප්‍රේල් මස පටන් මේ දක්වා ඉන්දියාවට බලපෑ හදිසි කාලගුණික තත්ත්වයන් හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 200 ක් ඉක්මවන බවයි එරට රජය සදහන් කරන්නේ. මියගිය පුදගලයෙකු සදහා ඉන්දීය රුපියල් 400,000 බැගින් ලබා දීමට එරට රජය පියාවර ගෙන තිබෙනවා.

ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ මේ වසරේ මෝසම් වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරෝත්තු වන බවයි. මේ අනුව ඉදිරි කාලයේදී තවත් වැසි අපේක්ෂා කරන බවට ඔවුන් නිවේදනය කර තිබෙනවා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න