Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ට්‍රම්ප් හා කිම් ජොන් අතර හමුව ජුනි 12

|Wed, 30 May 2018 10:19|Security| Page Views : 24

අලුත් පුවත්
අකුණු සහ වැසි හේතුවෙන් 48 දෙනෙක් මරුට
බටහිර ඉන්දීය කොදෙව්-ශ්‍රී ලංකාව පුහුණු තරගය අද
පුරාවස්තු හෑරූ කත ඇතුළු සැකකරුවන් 3ක් කොටු වෙයි
ලෝක කි‍්‍රකට් පිලේ නායකත්වයේ වෙනසක්
ලංගම සීරුවෙන් - සේවකයින්ගේ නිවාඩුත් සීමා කෙරේ ..
ජල සේවකයින් උදෑසන සිට වර්ජනයක
තෙල් ටැංකි ප‍්‍රවාහන රියදුරන් වර්ජනයකට සැරසෙයි
වසා දැමුණු පාසල් අද යළි ඇරෙයි ...
 
උතුරු කොරියානු සහ අමෙරිකානු සමුළුව පෙර නියම කර ගනු ලැබූ දිනය වන ජුනි 12 වෙනිදා පැවැත්වීම සදහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව ධවලමන්දිර ප්‍රකාශිකා සාරා සැන්ඩරස් ප්‍රකාශ කර සිටිනවා.

මේ අතර වසර 20 කට පසුව උතුරු කොරියානු නියෝජිතයෙක් අමෙරිකාවේ සංචාරයක යෙදුනා. ඒ අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයි සමග ද්වි පාර්ශවික සාකච්ජා පැවැත්වීමටය. උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ගේ විශ්වාසවන්තම රාජ්‍ය නිලධාරියෙක් වන කිම් යොන්ග් චෝල් මෙම සාකච්ජාව සදහා පැමිණි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් මගින් සනාථ කර සිටියා.

ධාවලමන්දිර ප්‍රකාශිකාව ඊයේ (29) පැවති ප්‍රවෘත්ති සාකච්ජාවේදී සදහන් කර ඇත්තේ දෙරටේ රාජ්‍ය නිලධාරින් අතර පැවති සාකච්ජා සුබදායිව පැවති බැවින් ජනපති ට්‍රම්ප් සමුළුවේ ඉදිරි වැඩකටයුතු සදහා සුදානම් එන ලෙස සිය නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි.

මේ අතර ජුනි 12 වනදා සිංගප්පුරුවේ පැවැත් විමට නියමිත උතුරු කොරියානු- අමෙරිකා රාජ්‍ය නායක සමුළුව සදහා දකුණු කොරියානු ජනාධිපතිවරයාද සහභාගී වීමට නියමිතයි.

මිට දින කිහිපයකට ජනපති ට්‍රම්ප් විසින් තමන් මෙම සමුළුවට සහභාගී නොවන බවට දැන්වීමෙන් අනතුරුව යලි උතුරු කොරියාව සමග සහ අමෙරිකාව සාකච්ජා පවත්වා පැවති අනවබෝධය නැතිකිරීම සදහා මාදිහත්කරුවෙක් වශයෙන් කටයුතු කලේ ද දකුණු කොරියානු ජනාධිපතිවරයායි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න