Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ක්‍රිකට් පිටියට Smart Watch තහනම් කරයි

|Wed,30 May 2018 07:50|Security| Page Views :

ක්‍රීඩකයින් හෝ තරඟ නිලධාරීන් හට තරඟයක් අතරතුර දී ස්මාර්ට් අත්ඔරලෝසු පැළඳීම තහනම් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි. මාධ්‍ය නිවේදනයක් මගින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ බව කියා සිටී.

එම නිවේදනයයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ක්‍රීඩක හා තරඟ නිලධාරී නියාමනයන්ට අනුව (Player and Match Officials Area (PMOA) Regulations) තරඟය පැවැත්වෙන බලප්‍රදේශය තුළ දී ස්මාර්ට් අත්ඔරලෝසු පළඳා ක්‍රිඩා කිරීමට අවසර නොමැති බවයි.

තරඟ කාලසීමාවේ දී ක්‍රීඩකයින් හා තරඟ නිලධාරීන් හට සන්නිවේදන උපකරණ භාවිතය හා ලඟ තබා ගැනීම තහනම් වන බව ක්‍රීඩක හා තරඟ නිලධාරී නියාමනයන් තුළ පැහැදිලිව දක්වා ඇති බැවින් වර්තමානයේ දී සන්නිවේදන උපකරණ ගණයෙහිලා සැලකෙන ස්මාර්ට් අත්ඔරලෝසු මේ අනුව තහනම් වනු ඇත.

මෙහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අවධාරණය කර සිටින්නේ, ස්මාර්ට් අත්ඔරලෝසු හරහා ජංගම දුරකතනයකට හෝ අන්තර්ජාලයට සම්බන්ධ වී පණිවුඩ ලබා ගත හැකියාව තිබෙන බැවින් තරඟ දිනයේ දී මෙවැනි උපකරණ පිටියට ගෙන ඒමට කටයුතු නොකිරීමට ක්‍රීඩකයින් හා තරඟ නිලධාරීන් වගබලා ගත යුතු බවයි.

මෙම මස 27 වනදි අවසන් එංගලන්තය හා පකිස්තානය අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය අතරතුර දී පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන අසාඩ් සෆීක් සහ බාබරා අසාම් ස්මාර්ට් අත්ඔරලෝසු පැළඳ ක්‍රීඩා කිරීමත් සමඟම මේ පිළිබඳ කතාබහ ඇතිවිය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න