Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මධුෂ්ගේ ගෝලයෙක් හෙරොයින් සමඟ කොටු වෙයි

|Wed, 30 May 2018 11:28|Security| Page Views : 27

අලුත් පුවත්
හම්බන්තොට සහ මාතර ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුමට බාධා
ක්‍රිකට් පිටියට Smart Watch තහනම් කරයි
ට්‍රම්ප් හා කිම් ජොන් අතර හමුව ජුනි 12
අකුණු සහ වැසි හේතුවෙන් 48 දෙනෙක් මරුට
බටහිර ඉන්දීය කොදෙව්-ශ්‍රී ලංකාව පුහුණු තරගය අද
පුරාවස්තු හෑරූ කත ඇතුළු සැකකරුවන් 3ක් කොටු වෙයි
ලෝක කි‍්‍රකට් පිලේ නායකත්වයේ වෙනසක්
ලංගම සීරුවෙන් - සේවකයින්ගේ නිවාඩුත් සීමා කෙරේ ..
 
මාකදුරේ මදුෂ් නැමති මත්කුඩු ජාවාරම්කරුගේ ගෝලයකු ඇතුළු මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනෙකු අක්මිමන පොලිසිය මගින් ඊයේ (29) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.

මාකදුරේ මදුෂ්ගේ ගෝලයා හෙරොයින් මත්කුඩු මිලිග්‍රැම් 10000ක් සමග ලබුදුව හන්දියේ දි අත්අඩංගුවට ගෙන තිබේ. මොහු කුලී පදනම යටතේ ගත් කාර් රථයකින් මත්කුඩු රැගෙන පැමිණ ඇත්තේ නරාවල ප්‍රදේශයේ කාන්තාවකට ලබා දීම සදහාය.

මොහු කාර් රථය ලබුදුව හන්දියේ නතර කොට කාර් රථයෙන් බැස අදාල කාන්තාවට මත්කුඩු ලබා දීමට යාමේදී මගරැක සිටි පොලිස් නිලධාරින් මොහු කොටු කරගෙන ඇත. මොහු හපුගල මොල්ලිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. හික්කඩුවේ සිට අකුරැස්ස දක්වා මොහු මත්කුඩු බෙදා හරින ලබන ජාවාරම්කරුවෙකු බව පොලිසිය කියයි. මොහු මාකදුරේ මදුෂ්ගේ මත්කුඩු ඒජන්තවරයකු බවද පොලිසිය කියයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධව මොහු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිට මහාධිකරණයෙන් ඇප ලබා පැමිණ ඇත්තේ මිට මාසයකට පමණ ඉහතදි බව පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි තිබේ.

මොහු මත්කුඩු මිලිග්‍රැම් 05 බැගින් පැකට්කොට තම ගොලයින්ට බෙදාදෙමින් මෙම ජාවාරමකරගෙන ගොස් ඇත. මත්කුඩු ජවාරම් සම්බන්දයෙන් මොහුට විරුද්ධව පෙර වැරදි තිහකට අධික සංඛ්‍යාවක් ඇති බවද පොලිසිය කියයි.

එක් අවස්ථාවකදි මොහුට මහාධිකරණයෙන් ලක්ෂ 04ක ඇප මුදලක් නියම වු විට මොහුට ඇප තැබිම සදහා එම මුදල් එවා ඇත්තේ මාකදුරේ මදුෂ් නැමති මත්කුඩු ජාවාරම්කරු බවද පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.

අනික් මත්කුඩු ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ජයන්ති හන්දියේ දි වන අතර ඔහු ළග තිබි මත්කුඩු මිලිග්‍රැම් 881ක් පොලිසිය මගින් සොයාගෙන ඇත. අනික් පුද්ගලයා මත්කුඩු මිලිග්‍රැම් 20ක් සමග නියාගම ප්‍ර දේශයේ දි අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න