Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දකුණේ වෛරසය පැතිරීමට හේතුව තවත් වෛරස දෙකක්

|Wed, 30 May 2018 12:30|Special| Page Views : 16

අලුත් පුවත්
කේරළ ගංජා සමඟ සැකකරුවන් 2ක් නීතියේ රැහැනට
මහවැලි ගගේ වැලි ගොඩදැමිමට අවසර දෙයි
ගබඩාවක විශාල ගින්නක්
මධුෂ්ගේ ගෝලයෙක් හෙරොයින් සමඟ කොටු වෙයි
හම්බන්තොට සහ මාතර ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුමට බාධා
ක්‍රිකට් පිටියට Smart Watch තහනම් කරයි
ට්‍රම්ප් හා කිම් ජොන් අතර හමුව ජුනි 12
 
දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාප්ත වූ මෙම රෝගය නිසා කුඩා දරුවන් හට දැඩි බලපෑමක් එල්ල විය. එහි බලපෑමෙන් 12 දෙනෙකු මියගොස් ඇති අතර තවමත් රෝගය සම්පුර්ණයෙන්ම පාලනය කිරීමට නොහැකි වී ඇත.

මෙම රෝගයට හේතුව ඉන්ෆ්ලුවෙන්සා වෛරසය බව සෞඛ්‍ය බලධාරීන් පවසයි. ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ප්‍රතිකාර කෙරුණු අතර මියගිය දරුවන් සම්බන්ධයෙන් කළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ තවත් වෛරස දෙකක ආසදන රෝග ව්‍යාප්තියට මුල්ව ඇති බවයි. ඒ අනුව එය ඉන්ෆ්ලුවෙන්සා, ඇඩිනෝ සහ ආර්.එස්.වී යන වෛරසවලින් යන එකතුවකින් වන අසාධනයක් බව වාර්තා වේ.

මේ අතර අදාළ රෝගී තත්ත්වය සඳහා ප්‍රතිකාර කරනු ලබන දරුවන් වෙනුවෙන් තම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රමාණවත් පරිදි ඇදන් නොමැති බව ද කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පවසයි.

දකුණු පළාතේ පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳ සෞඛ්‍ය බලධාරීන්ගෙන් මෙතෙක් කිසිදු නිර්දේශයක් ලැබී නොමැති බැවින් වසා දැමුණු පාසල් අද (30) සිට යළි විවෘත කරන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර මහතා පැවසීය.

එහිදී අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ දරුවන්ගේ ජීවිතය පළමු ස්ථානය බවත් අධ්‍යාපනය වැටෙන්නේ ඉන්පසුව බවත් සියලු දෙනා තේරුම් ගත යුතු බවයි. දකුණේ දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන රෝගී තත්ත්වය හේතුවෙන් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ගත් තීරණයක් අනුව පසුගිය 22 වැනි දා සිට දකුණු පළතේ කලාප කිහිපයක පාසල්හි ප්‍රාථමික අංශ වසා තැබිණි.

අමාත්‍යවරයා පවසන්නේ පාසල් වැසීමට ගත් තීරණය සම්බන්ධයෙන් ද සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කිසිදු තීරණයක් ලබා නොදුන් බවයි. පාසල් වසා දැමීමෙන් පසු අවස්ථා කිහිපයකදීම මෙම රෝගය පැතිරීම පාලනය කිරීම පිළිබඳව හා පාසල් යළි විවෘත කිරීමේ හැකියාව පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ ඉල්ලා සිටියද මෙතෙක් ඒ පිළිබඳව කිසිදු නිර්දේශයක් ලැබී නැති බවද ඇමැතිවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

"ඉන්ෆ්ලුවන්සා රෝගය දකුණු පළාතේ සීඝ්‍රයෙන් පැතිර යාම පාලනය කිරීමට අපි දකුණේ අධ්‍යාපන කලාප කිහිපයක ප්‍රාථමික අංශ දින කිහිපයක් වසා තැබීමට කටයුතු කළා. මා දන්නා තරමින් මේ රෝගයෙන් කුඩා දරුවන් සැළකිය යුතු ප්‍රමාණයක් මිය ගොස් තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා වැරදි තොරතුරු සමාජගත වීමෙන් අනවශ්‍ය බියක් ඇතිවෙලා කියලා. වැරදි තොරතුරු පැතිරෙන්නේ නිවැරදි තොරතුරු නොදෙන නිසයි. නිවැරදි තොරතුරු දෙනවා නම් අපිටත් හරි තීරණයක් ගන්න පුළුවන්. කෙසේ වුවත් අපි හෙට (30) දිනයේ පාසල් සුපුරුදු පරිදි විවෘත කරනවා. පාසල් විවෘත කරාට පසු මේ රෝගය තවදුරටත් පැතිර ගියහොත් හෝ එක දරුවකු හරි මිය ගියහොත් එහි වගකීම සෞඛ්‍ය බලධාරීන් විසින් බාරගත යුතුයි."

දකුණු පළාතේ පෙර පාසල් නැවත විවෘත කරන්නේ ජුනි 4 වැනි දා බවත් පළාතේ දහම් පාසල් ලබන ඉරිදාත් ජුනි 3 දක්වා වසා තැබෙන බවත් අමාත්‍ය රාසපුත්‍ර මහතා පැවසීය.

වෛරස් උණ රෝගය වැළදුණු රෝගින් වෙනුවෙන් සත්කාරක කටයුතු කරණ සේවක කාර්ය මණ්ඩල වෙනුවෙන් හෝ ඉන්ෆලුවන්සා එන්නත ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලිමක් කොට ඇති බැව් රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුටද මෙකි වෛරස් උණ ආසාදනය වි ඇති බවද වෛද්‍යවරු පවසති. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය රෝහල් ශාඛාවේ වෛද්‍යවරු පෙන්වා දෙන්නේ මෙම තත්වය මෙම අයගේ පවුල්වල අයත් අනතුරේ හෙලිමක් බවය. නිවරණ කටයුතු සදහා හොදම ක්‍රමය ඉන්ෆලුවෙන්සා එන්නත ලබාදිම බව පවසන කරාපිටිය රෝහල් ශාඛාවේ වෛද්‍යවරු . මෙකි එන්නත සියයට සියයක් සාර්තක නොවුනත් සියයට 40ක් පමණ ඇතිවන දරුණු සංකුලතත්වය පාලනය කිරිමට හැකි බවය.

ඇතමුන් මෙකි එන්නත පුද්ගලික රෝහල්වලින් එන්නත් කරවාගන්නා බවද කියති. තමන්ට අවශ්‍ය ආකාරයට එන්නත් මිලදිගත නොහැකි බව පවසන රෝහල් අධ්‍යක්ෂක ජයම්පති සේනානායක මහතා ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය ලැබිය යුතු බව පවසයි. එමෙන්ම මෙම එන්නත එන්නත් කිරිම තුලින් ඉන්ෆලුවන්සා උණ පාලනය කළ හැකිද යන්න පිළිබද විශේෂඥ වෛද්‍යවරයකු විසින් නිර්දේශයක් ලබාදිය යුතු බවද පවසයි.

කෙසේවුවද ප්‍රථිකාර ඒකකවල සිටින රෝහල් සේවකයින්ට හෝ මෙම එන්නත් ලබාදෙන ලෙස තමන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලිමක් කොට ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න