Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පළමු වරට බඩඉරිඟුවලට සහතික මිලක්

|Thu,31 May 2018 11:29|Miscellaneous| Page Views : 13

අලුත් පුවත්
රන් මාල මංකොල්ලකෑ 3ක් පොලීසියට කොටු
නිවසකට කඩා වැදී කල්ලියක් බිළිඳෙකු පැහැරගෙන ගනී
දිවයින පුරා ජල සේවකයෝ අද වැඩ නෑ
හෙට සිට නැවතත් වැස්ස වැඩි වෙයි
"අද දුම්වැටි අලෙවි කරන්න එපා"
ගිය වෛරස් රෝගය වැලදී සුවවූවානම් මෙම කරුණු පිළිපදින්න
විදුලිය සියයට 60ක් ජලවිදුලි බලාගාරවලින්
නව ශ්‍රී ලංකා සිතියම හෙට එළිදකී….
 
ශ්‍රී ලංකාවේ බඩඉරිඟු වගාව විධිමත් කිරීමට හා බඩඉරිඟු සඳහා සහතික මිලක් ලබාදීම කෙරෙහි කෘෂිකර්ම අමාත්‍යාංශය අවධානය යොමු කර තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධව සාකච්ඡාවක් පැවති අතර එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අපේ රටේ බඩඉරිඟු වගාව මේ වන විට ගොවීන් විසින් විශාල වශයෙන් සිදු කළත්, එම වගාව තවමත් විධිමත්ව නොමැති බවයි.

එම නිසා ශ්‍රී ලංකාවේ වාර්ෂිකව බඩඉරිඟු නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටත්, ගොවීන්ගේ ආදායම් මාර්ග ඉහළ නැංවීමට බඩඉරිඟු සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සහතික මිලක් ලබාදීමට තීරණය කරනු ලැබීය. අප රටේ වාර්ෂිකව බඩඉරිඟු අවශ්‍යතාවය මෙ.ටො. 500 කි.

එසේ වුවද දැනට වාර්ෂික දේශීය නිෂ්පාදනය මෙ.ටො. 250 කි. තවත් මෙ.ටො. 70 ක් ආනයනය කරනු ලබයි.

එම නිසා මීළඟ කන්නයේ බඩඉරිඟු වගාව ආරම්භයේදීම ඒ සඳහා සහතික මිළක් නියම කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

එමෙන්ම බඩඉරිඟු වගාකරන ගොවියන්, ආනයනකරුවන් සහ සත්ත්ව ආහාර නිෂ්පාදකයින් එක්ව බඩඉරිඟු වගාව විධිමත් කිරීම සඳහා වැඩපිළිවෙලක් සකසන්න යැයි ද අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම් බී. විජයරත්න මහතාට උපදෙස් දුන්නේය.

බඩඉරිඟු ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීම ඉලක්ක කරමින් එම වැඩපිළිවෙල සකසන ලෙසද අමාත්‍යවරයා මෙහිදී උපදෙස් දෙනු ලැබීය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න