Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ක්‍රිකට්‌ ආයතනයේ නිලවරණය කල් යයි…

|Thu,31 May 2018 11:32|Miscellaneous| Page Views :

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සදහා නව නිලධාරී මණ්‌ඩලයක්‌ තෝරා ගැනීමේ නිලවරණය අද (31) දින පැවැත්වීමට තිබුනද, එම නිලවරණය අත්හිටුවීමට අභියාචනාධිකරණය ඊයේ (30) නියෝග කර ඇති අතර එය ලබන 14 දින දක්වා බලපැවැත්වෙනු ඇති බව අභියාචනාධිකරණය නියෝග කර ඇත.

ක්‍රිකට්‌ ආයතනයේ වත්මන් සභාපති ධූරය දරණ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා මෙම නිලවරණයට තරග කරන බැවින් ඔහුට විරුද්ධව ක්‍රිකට්‌ ආයතනයේ හිටපු ලේකම්වරයකු වූ නිශාන්ත රණතුංග මහතා ගොනු කර තිබූ රිට්‌ පෙත්සම් සමඟ ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයෙන්ම දීර්ඝ වශයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් එම නියෝගය නිකුත් කර ඇත.

තවද ඉදිරියේදී නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගන්නා තුරු මෙම නිලධාරී මණ්ඩලය එම ධූර වල කටයුතු කරන බවත් අභියාචනාධිකරණයේ සභාපති ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් හමුවේ එම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව නියෝගය ලබා දී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න