Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දුම්රිය සේවකයින්ට රතු එළියක්

|Thu,31 May 2018 12:04|Protest| Page Views : 14

අලුත් පුවත්
අයහපත් කාලගුණයෙන් 40ක් මරු දකී
කොදෙව් දේශයේදී චන්දිමාල්ගෙන් ශතකයක්
ක්‍රිකට්‌ ආයතනයේ නිලවරණය කල් යයි…
පළමු වරට බඩඉරිඟුවලට සහතික මිලක්
රන් මාල මංකොල්ලකෑ 3ක් පොලීසියට කොටු
නිවසකට කඩා වැදී කල්ලියක් බිළිඳෙකු පැහැරගෙන ගනී
දිවයින පුරා ජල සේවකයෝ අද වැඩ නෑ
හෙට සිට නැවතත් වැස්ස වැඩි වෙයි
 
වර්ජනයේ නිරත අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන දුම්රිය සේවකයින් අද (31) මධ්‍යහන 12.00ට පෙර සේවයට වාර්තා නොකලහොත් ඔවුන් සේවය අත්හැර ගියා සේ සළකන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යංශය විසින් දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබාදී ඇති බවයි.

දුම්රිය තාක්ෂණික සේවා වෘත්තිය සමිති කමිටුව විසින් පසුගිය 29 වනදා පස්වරු 4.00 සිට වැඩවර්ජනයක් ආරම්භ කර ඇති අතර එම වර්ජනය අද පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මක කිරීමට ඔවුන් සැළසුම් කර තිබේ.

මෙම වර්ජනය හේතුවෙන් දුම්රිය මගීන්ට සිදුවිය හැකි අපහසුතා සැලකිල්ලට ගනිමින් දුම්රිය තාක්ෂණික සේවයේ අනියම්, ආදේශක හා කොන්ත්රානත් සේවකයින් වහාම සේවයට වාර්තා කළ යුතු බවට මීට පෙර දුම්රිය දෙපාර්තමේන්තුව මගින් දැනුම් දී තිබිණි.

කෙසේවෙතත් මේ වන තුරුත් සේවයට වාර්තා නොකල සේවකයින් අද මධ්‍යහන 12.00ට පෙර සේවයට වාර්තා කළ යුතු අතර එසේ නොකල හොත් ඔවුන් සේවය අත්හැර ගියා සේ සළකා එම තනතුරු සඳහා නව සේවකයින් බඳවාගැනීමට කටයුතු කරන බවයි දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න