Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නව දේශපාලන පක්‍ෂයක් පිහිටුවා ඇත!

|Thu,31 May 2018 13.20|Political| Page Views : 108

අලුත් පුවත්
විපක්‍ෂ නායක ආර්.සම්බන්ධන් සමග සාකච්ඡාවක්!
අධිවේගී මාර්ගයේ ධාවනය වූ රථයක් ගිනි ගනී
වර්ජනය අත්හැරීමට තීරණය කරයි
දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දුම්රිය සේවකයින්ට රතු එළියක්
අයහපත් කාලගුණයෙන් 40ක් මරු දකී
කොදෙව් දේශයේදී චන්දිමාල්ගෙන් ශතකයක්
ක්‍රිකට්‌ ආයතනයේ නිලවරණය කල් යයි…
පළමු වරට බඩඉරිඟුවලට සහතික මිලක්
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

මෙරටේ නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමට ‘අපේ පරපුර’ යන නමින් නව දේශපාලන පක්‍ෂයක් 2018.05.29 වන දින මඩකලපුවේ කොම්මාතුරෙයිහිදී පිහිටුවා ඇත.

එම දේශපාලන පක්‍ෂය ආරම්භ කළ බව ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කරන අන්දමින් කොම්මාතුරෙයි ‘නිරුත්තියා’ හෝටල‍යේදී පැවති මාධ්‍ය හමුවේදී පක්‍ෂයේ අරමුණ, ප්‍රතිපත්ති සහ ඉදිරි වැඩපිළිවෙලවල් සම්බන්ධයෙන් පැහැදිලි කර ඇත.

එම පක්‍ෂයේ නායකයා ලෙස සිදම්බරම් කරුණානිධි පත්කර ඇති අතර, ලේකම්වරයා ලෙස දයාලන් අල්පෝන්සු පත්කර ඇත. එහි භාණ්ඩාගාරික ලෙස වේළුපිල්ලේ සුමංගලා නැමැත්තියව පත්කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම පක්‍ෂයේ නායක කරුණානිධි, “උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම නූගත් තර්කයකි. එයට හේතුව, උතුරු නැගෙනහිර ප්‍රධාන අමාත්‍යවරුන් දෙදෙනෙකුත්, පළාත් අමාත්‍යවරුත්, පළාත් සභා මන්ත්‍රීවරුත් ලැබෙන අවස්ථාව තුල උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමේ ඉල්ලීම නැතිකර දැමීමයි.

ඒ අතරම, මෙරටේ ජනතාවගේ ගැටළුවලට විසඳුමක් දැකීමට හැකි දේශපාලන උපදෙස් ලබානොදීමේ අඩුපාඩුව දීර්ඝ කාලයක සිට පවති‍. වත්මන් කාලයේදී එම ගැටළු විසදීමේ අවශ්‍යතාවය තේරුම්ගෙන, නිසි චින්තනයකින්, ජනතාවගේ හැගීම් පදනම් කරගනිමින්, වත්මන් කාලපරි‍ච්ඡේදය පිළිබඳව සිතා කටයුතු කිරීමට හැකි ජනතාකරණීය කළ දේශපාලන පක්‍ෂයක අවශ්‍යතාවය මනාව පැහැදිලි කර ඇත.

ඒ හේතුවෙන්, නව දේශපාලන පක්‍ෂයක් ලෙස ‘අපේ පරපුර’ යන නමින් මෙම පක්‍ෂය ආරම්භ කළෙමු. මෙරටේ අනාගත පරම්පරාව මෙරට ගොඩනැගිය යුතුය. ජාති, ආගම්, භේද, භාෂාව, ප්‍රදේශවාදය යනාදී සියල්ල අමතක කර මිත්‍රශීලීව, මෙරටේ පුරවැසියන් ලෙස සාමය සහ සංවර්ධනයෙන් පිරිණු ඉලක්කයක් කරා ගමන් කිරීම අපගේ පක්‍ෂයේ අරමුණ වේ.

මෙම පක්‍ෂය නියෝජනය කරන පුද්ගලයින්ගේ පවුලේ සාමාජිකයින්ට කිසිඳු ආකාරයකින් තනතුරු ලබානොදෙනු ඇත. පවුල් පාලනයට තිත තබන පක්‍ෂයක් ලෙස අපගේ පක්‍ෂය කටයුතු කරනු ඇත.

මැතිවරණයට තරඟ කරන අපේක්‍ෂකයෙකුට පමණක් අවස්ථාව ලබාදෙනු ඇත. කිසිඳු හේතුවක් මත ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට අවස්ථාවක් ලබානොදෙනු ඇත.

අපගේ පක්‍ෂය හරහා නව දේශපාලන සංස්කෘතීන් ජනතාවට හදුන්වාදෙනු ඇත. එබැවින්, සාමයට කැමැත්තක් දක්වන ලාංකිකයින් සියළු දෙනා ‘අපේ පරපුර’ යන පක්‍ෂය සමඟ එක්වී නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමට දායකවනු ඇතැයි යන්න අප විශ්වාස කරන්නෙමු” යනුවෙන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න