Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තිසර පෙරේරා ලෝක පිලේ නම්බුව බේරාගනී

|Fri, 01 June 2018 10:15|Miscellaneous| Page Views :

ලෝක ක්‍රිකට් පිල සහ බටහිර ඉන්දිය කොදෙව්වන් අතර ඊයේ (31) ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති විස්සයි 20 තරඟයෙන් කොදෙව් කණ්ඩායටම ලකුණු 72ක ජයක් හිමිවිය.

පසුගිය වසරේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි සිදුවූ ස්වාභාක විපත් වලින් හානියට පත්වූ ක්‍රීඩංගණ ප්‍රතිසංස්කරණයට ආධාර වශයෙන් මෙම තරඟය පැවැත්විණි.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම නියිමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 199ක් ලබා ගත්තේය.

එහිදී සුපිරි පිතිකරණයක නියැලුණු කොදෙව් ආරම්භක පිතිකරු එල්වින් ලුවිස් පන්දු 26කදී ලකුණු 58ක් රැස් කළේය.ඔහුට අනගි සහයක් ලබාදුන් මාර්ලන් සැමුවෙල්ස් පන්දු 22කදී ලකුණු 43ක්ද, දිනේෂ් රාම්දීන් පන්දු 25කදී ලකුණු 44ක්ද රැස් කළේය.

ලකුණු 200ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ලෝක ක්‍රිකට් කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 127ක් පමණි.

වරෙක ලකුණු 8කට කඩුලු 4ක් දැවී අසීරු මොහොතක පසුවූ මොහොතක පිටියට පිවිසි තිසර පෙරේරා පන්දු 37කදී ලකුණු 61 රැස් කරමින් ලෝක ක්‍රිකට් කණ්ඩායමේ නම්බුව තරමකට හෝ රැකගැනීමට සමත්විය.ඔහුගේ ඉනිමට හතරේ පහර 7 ක්ද, හයේ පහර 3ක්ද අන්තර්ගත විය.ලෝක ක්‍රිකට් පිලේ වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 20 සීමාව පසු කිරීමට නොහැකි විය.

මෙහිදී විස්සයි 20 ලකුණු 1000 සීමාව පසුකර යාමටද තිසර පෙරේරා සමත්විය.එවැනි දස්කමක් කළ හයවන ලාංකිකයා ලෙසද ඔහු වාර්තා පොත්අතරට එක්විය.

ලෝක ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ පාකිස්ථාන තුන් ඉරියව් ක්‍රීඩක ෂශීඩ් අෆ්රිඩිගේ අවසන් ජාත්‍යනතර තරඟයද මෙය වූ අතර, ඔහු එහිදී විපතට පත්වූවන්ට ඩොලර් 20000 මුදලක්ද පරිත්‍යාග කළේය.

එම වීඩියෝව :

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න