Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කැලණිය හා ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජලය නැහැ

|Fri,01 June 2018 12.23|Special| Page Views :

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ගම්පහ හා කැලණිය ප්‍රදේශ කිහිපයකට අද(01) පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අද රාත්‍රී 7.00 සිට පසු දින උදෑසන 7.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය නිවේදනය කරයි.

කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ හා ජා - ඇල, යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙන්ම ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ද ජල සැපයුම අත්හිටු වනු ඇති.

එමෙන්ම පෑලියගොඩ, වත්තල, ජා - ඇල, කටුනායක හා සීදූව යන නගර සභා බල ප්‍රදේශ වල ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න