Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජීවිත 4ක් මහ මග නවතී

|Fri, 01 June 2018 11:23|Security| Page Views :

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ.

පුද්ගලික බස් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මිල්ලනිය ප්‍රදේශයේදී සිදු වු අනතුරකින් පසුපැදිකාරිය මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

අනතුරෙන් ඇයගේ සැමියා සහ කුඩා දැරියක ද තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කර තිබේ.

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 04 කණුව ප්‍රදේශයේදී පදිකයින් තිදෙනෙකු වාහනයක ගැටීමෙන් 24 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.

තුවාල ලැබූ තවත් දෙදෙනෙකු සිරිගල රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුර සිදු කළ රථය පළාගොස් ඇති බව පොලීසිය පැවසීය.

මීගමුව - දාගොන්න මාර්ගයේ දාගොන්න ප්‍රදේශයේදී පාපැදියක් ජල බවුසරයක ගැටීමෙන් 56 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.

මේ අතර ගොඩිගමුව - දූණගහ මාර්ගයේ කොස්හේනපන්සල අසලදී පදික කාන්තාවක් යතුරුපැදියක ගැටී රෝහල් ගත කිරිමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පැවසීය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න