Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අගුණුකොළපැලැස්ස ඝාතනයේ සුල මුල මෙන්න

|Fri, 01 June 2018 12:00|Miscellaneous| Page Views : 16

අලුත් පුවත්
ජීවිත 4ක් මහ මග නවතී
ජනාධිපති ප්‍රධානත්වයෙන් මහවැලි ඉඩම් ඔප්පු බෙදා දෙයි
කැලණිය හා ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජලය නැහැ
තිසර පෙරේරා ලෝක පිලේ නම්බුව බේරාගනී
අර්ධ සුඛෝපභෝගී බස්රථ දෙසැම්බර් 31 පසු ඉවතට
රණ මයුර සම්මානය නැවතත් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිවසට
පෝලන්ත ජාතිකයාට රුපියල් ලක්ෂ 50 ක දඩයක්
ජල සේවක වර්ජන නිසා ජල සැපයුම අඩාල වෙයිද
 
අගුණුකොළපැලැස්ස ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු හා ඝාතනයට උපයෝගී කරගත් ආයුධය අත්අඩංගුවට ගැනීමට අගුණුකොළපැලැස්ස පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිළධාරීන් සමත්වී තිබේ.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු අගුණුකොළපැලැස්ස යකාගල ප්‍රදේශයේ පදිංචි පනස් හැවිරිදි අයෙකි.

පුද්ගල මළ සිරුර සොයාගැනීමෙන් පසු ඝාතකයා සොයා අගුණුකොළපැලැස්ස පොලීසිය විසින් සිදුකළ පරික්ෂණ වලදී මරණකරුගේ බිරිද ප්‍රකාශ කර ඇත්තේ තම සැමියාට ඉකුත් 30 රාත්‍රී 11.00ට පමණ දුරකථන ඇමතුමක් ලැබී ඒ අනුව ඔහු නිවසින් පිටව ගිය බවයි.

එම දුරකථන ඇමතුම ලබා දී ඇත්තේ පුංචි මල්ලි නමින් හදුන්වන සැමියාගේ මිතුරෙකු බවද ඔහු කී බව ඇය පවසා තිබේ.

ඒ අනුව පොලිස් නිළධාරින් එම දුරකථන ඇමතුම ලබා දුන් පුද්ගලයා ඊයේ(31) රාත්‍රී 7.45ට පමණ යකාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් දිගින් දිගටම සිදුකරන ලද ප්‍රශ්න කිරිම් වලදී ඝාතනය සිදුකළ ආකාරය හා එය සිදුකිරීමට හේතුව පොලීසියට පවසා තිබේ.

ඉකුත් 30 රාත්‍රී 11.00ට පමණ දුරකථන ඇමතුමක් ලබා දී තම මිතුරාට අගුණුකොළපැලැස්ස අලුත්වැව අසලට පැමිණෙන ලෙස ඔහු දන්වා ඇත.

දුරකථන ඇමතුමට අනුව ඝාතනයට ලක්වූ පුද්ගලයා ඔහුගේ යතුරුපැදියෙන් අලුත්වැව අසලට පැමිණ ඇති අතර සැකකරුද ඔහුගේ පාපැදියෙන් එම ස්ථානයට පැමිණ තිබේ.

අලුත්වැව ආදාපාන වත්තේ පොල් කැඩීමට යමු යැයි සැකකරු විසින් තම මිතුරාට යෝජනා කර ඇති අතර ඒ අනුව ඔවුන් දෙදෙනා යතුරුපැදිය හා පාපැදිය එම ස්ථානයේ දමා අසල පිහිටි වෙල් යාය පසුකර පොල් කැඩීමට ගොස් ඇත.

සැකකරු බිම සිටියදී ඝාතනයට ලක්වූ පුද්ගලයා පොල් ගසට නැග ගෙඩි දහයක් කඩා බිම හෙලා අසල තිබූ ලීයෙන් සකස් කරන ලද පොල් උලකින් පොල් ලෙලි ගැසීමට ආරම්භ කර තිබේ.

එක් පොල් ගෙඩියක් ලෙලි ගසා පසෙකින් තබා තවත් පොල් ගෙඩියක් ලෙලි ගසමින් සිටියදී සැකකරු විසින් තම මිතුරාගේ පිටුපස ගෙළ පෙදෙසට කැති පහරක් එල්ල කර ඇත. තමාගේ කෝපය සංසිදෙන තුරු කැති පහරවල් විස්සක් පමණ මිතුරාට එල්ල කල බවද සැකකරු පවසා තිබේ.

මරණකරු බිම ඇද වැටීමෙන් පසු ඔහුගේ දුරකථනය හා ඝාතනයට උපයෝගී කරගත් කැත්තද රැගෙන සැකකරු පැමිණි පාපැදියෙන් නිවස බලා පිටත් වී ඇත.

නිවස අසල පිහිටි කෙසෙල් වගා බිමක කැත්ත වළදමා මරණකරුගේ දුරකථනයේ සිම්පත කෙසෙල් කදක සගවා ජංගම දුරකථනය නිවසේ මුළුතැන්ගෙයි ටකරන් අස්සේ සගවා ඇත.

සැකකරු හෙළි කළ කරුණු අනුව ඝාතනය සිදුකළ කැත්ත හා මරණකරුගේ දුරකථනය පොලිස් නිළධාරින් 31 රාත්‍රී 11.00 ට පමණ සොයාගෙන තිබේ. සැකකරු පැවසූ පරිදි මරණකරුගේ යතුරුපැදිය අලුත්වැව අසල තිබියදී එදිනම රාත්‍රී 10.30ට පමණ පොලිසිය විසින් සොයාගෙන ඇත. ඝාතනය සිදුකිරීමට හේතුව ලෙස සැකකරු පවසා ඇත්තේ ඉකුත් අප්‍රේල් මස 08 දින තම දහඅට හැවිරිදි දියණිය නිවසේ නිදාගෙන සිටියදී මිතුරා ඇයගේ පාදයක් අල්ලනු දුටු බවත් ඒ අනුව ඔහුට අවවාද කළ බවත්ය.

මේ සිදුවීම නිසා හිතෙහි හටගත් කෝපය නිසා මිතුරා ඝාතනය කිරීමට සැලසුම් කළ බවද ඔහු පවසා තිබේ.

පොල්ලකින් පහරදී පුද්ගල ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් හම්බන්තොට මහාධිකරණයේත්, අවි පෙන්වා බියගන්වා මුදල් මංකොල්ලකෑම සම්බන්ධයෙන් තංගල්ල මහාධිකරණයේ හා කල්ලි ගැසී ස්ත්‍රී දූෂණයක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුට විරුද්ධව නඩු විභාග වෙමින් පවතින බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු අද(01) අගුණුකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න